පොලිසියට මේ අයව බඳවා ගන්නවා විතරක් නෙවෙයි නතර කරපු උසස්වීම් 5000ත් දෙනවා - ආනන්ද
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් අභිප්‍රේරණයක් සහිත පොලිස් නිලධාරියෙක් නිර්මාණය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව සඳහන් කළා.
ඒ වෙනුවෙන් පොලිසියට අවශ්‍ය මානව සම්පත් කළමනාකරණය නිසි ලෙස සිදු කරන බව ප්‍රකාශ කළ ඔහු 2020 සිට නවතා තිබූ උසස්වීම් සම්බන්ධ සියලු ගැටලුද විසඳීමට කටයුතු කරන බව කියා සිටියා.
එමෙන්ම පොලීසියට අවශ්‍ය නීතිඥයන් 150ක් බඳවා ගැනීමට කටයුතු කරන බවත් ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ලබා ගන්න බවත් ඔහු ප්‍රකාශ කළා.
ඒ අද දින (18) පාර්ලිමේන්තුවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
" පොලිසියට අනුබද්ධිත සිවිල් සේවා සඳහා නිලධාරීන් බඳවා ගන්නත් කටයුතු කරනවා. නීතිඥයන් එකසිය පනහක් බඳවා ගන්න අපි ඉල්ලීමක් කරලා තියෙනවා. ළඟදිම ඒකට අපිට අනුමැතිය ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒවගේම මීට අනුබද්ධ පරිගණක ඉංජිනේරුවන් බඳවා ගැනීම සඳහාත් අපි අවශ්‍ය පියවර අරගෙන තියෙනවා. ඒ නිසා පොලිස් දෙපාර්තමේන්තුවේ මානව සම්පත් කළමනාකරණය කරලා තියෙනවා. අභිප්‍රේරණයක් සහිත පොලිස් නිලධාරියෙක් නිර්මාණය කරන්න අවශ්‍යයි. ඒ හින්දා 2020 පෙබරවාරි මාසේ ඉඳලා පහුගිය ආණ්ඩු නතර කරලා තිබුණ උසස්වීම් පන්දහසක් මේ වෙනකොට ලබාදෙමින් පවතිනවා. මේ වෙනකොට 80 % විතර මේ උසස් වීම් අවසන් කරලා තියෙනවා. යම් කෙනෙක් මේ උසස්වීම් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කළොත් ඒ පැමිණිලි සියල්ල විමර්ශනය කරල නැවත ඔවුන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න කටයුතු කරනවා. ඒ වගේම විශේෂ කාර්ය බළකායේ උසස්වීම් සම්බන්ධයෙන් යම් ප්‍රශ්නයක් පැන නගලා තියෙන ඔවුන්ට අසාධාරණයක් වෙලා තියෙනවා. ඒ අසාධාරණය ඉවත් කරන්න අපි කටයුතු කරනවා. ඒ සඳහා පොලිස් පරීක්ෂකවරු විශේෂ කාර්ය බලකායේ 350ක් වෙනුවෙන් උසස් වීම් ලබාදීමට අවශ්‍ය පියවර අරගෙන තියෙනවා." යනුවෙන් පැවසුවා.