විජයකාන්ත් විස්සයි20 තරගාවලිය සංචිතයට
පාකිස්තානයේ පැවැත්වෙන විස්සයි20 තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය තහවුරු කර ඇති අතර, එයට දඟ පන්දු ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් ඇතුළත් කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, විජයකාන්ත් වියස්කාන්ත් කටාර් සිට සෘජුවම පාකිස්තානය වෙත පැමිණෙන බවය. ඔහු මේ වනවිට ‘ආසියානු කුසලාන නැගී එන තරු’ විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායමේ සාමාජිකයෙකි.
පාකිස්තාන - ශ්‍රී ලංකා එක්දින තරගාවලියේදී ඇති වූ ආබාධයක් හේතුවෙන් වනිඳු හසරංග තවමත් සම්පූර්ණයෙන් සුවය ලබා නොමැති නිසා, වියස්කාන්ත් සංචිතයට ඇතුළත් කර ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
විස්සයි20 තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය සහභාගී වන පළමු තරගය නොවැම්බර් 20 වනදා රාවල්පින්ඩිහි සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වේ.