HNDA සිසුන්ට ලොකු ප්‍රශ්නයක් අධ්‍යාපන අමාත්‍යාංශය වටලයි - ආරක්ෂාවත් දැඩි වෙයි

Report

උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමාධාරීන් (HNDA) සහ උසස් ජාතික ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීන් ඇතුළු දෙදහසකට අධික ශිෂ්‍ය පිරිසක් අද (18) දින අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක නිරත වෙන බව වාර්තා වේ.

ඒ අනුව ඔවුන් තලවතුගොඩ මංසන්ධියේ සිට පාගමනින් පැමිණි සිය ඩිප්ලෝමාවන්ට නිසි පිළිගැනීමක් ලබා දෙන ලෙසත්, රාජ්‍ය සේවයට පිවිසීමට ඇති අයිතිය තහවුරු කරන ලෙසත් රජයට බල ක‍රන බව සඳහන්.

මෙම විරෝධතාව උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමාව (HNDA) සඳහා වහාම විශ්වවිද්‍යාල උපාධි තත්ත්වය ලබා දීම, උසස් ජාතික ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීන්ට (HNDE) ගුරු සේවයට පිවිසීමට ඇති අයිතිය වැළැක්වීම වහාම නතර කිරීම, ගණකාධිකරණ ඩිප්ලෝමාධාරීන්ට රාජ්‍ය සේවයට පිවිසීමට ඇති අවස්ථා අහිමි කිරීම වහාම නැවැත්වීම ඇතුළු ඉල්ලීම් රාශියක් මුල් කරගෙන පැවැත් වේ.

මාලිමා ලොක්කො ටිකකට ගුටි බැට පූජාවක් - රෝහල් ගත කරලා

මාලිමා ලොක්කො ටිකකට ගුටි බැට පූජාවක් - රෝහල් ගත කරලා

එමෙන්ම විරෝධතාවට එක් වූ සිසුන් සඳහන් කළේ, අදාළ ආයතන යටතේ වසර ගණනාවක් පුරා වෙහෙස වී අධ්‍යාපනය ලබා ඉහළ කාර්ය සාධනයක් පෙන්වූවද, ඔවුන්ගේ ඩිප්ලෝමා වෙනුවෙන් නිසි පිළිගැනීමක් නොමැතිවීම නිසා විශ්වවිද්‍යාල උපාධිධාරීන්ට සමාන රැකියා අවස්ථා තමන්ට අහිමි වී තිබෙන බවයි.

ඒ අනුව විරෝධතාකරුවෙක් මාධ්‍ය වෙත සඳහන් කළේ, "අපේ අධ්‍යාපනයේ වටිනාකම රාජ්‍ය සේවයේදී පිළිගත යුතුයි.

අපේ අයිතිවාසිකම් මේ ආකාරයෙන් පැහැර හැරීම අසාධාරණයි," යනුවෙන්. කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරීන් මෙම සිසුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර, එම ස්ථානයේ ආරක්ෂාව දැඩි කර ඇත.

එබැවින් සිය ඉල්ලීම් දිනා ගන්නා තෙක් විරෝධතාව අඛණ්ඩව පවත්වාගෙන යන බව සිසුන් පවසයි.

වරමත් අරගෙන ඥානසාර හිමි ත්‍රිකුණාමලේට - ඕනේ ඕනේ එකාට සංස්කෘතිය හුරකන්න දෙන්න බැහැ

වරමත් අරගෙන ඥානසාර හිමි ත්‍රිකුණාමලේට - ඕනේ ඕනේ එකාට සංස්කෘතිය හුරකන්න දෙන්න බැහැ

18ට වැඩි නම් මීට පස්සේ මේකට අවසර තියෙනවා - අලුත් නීතියක්

18ට වැඩි නම් මීට පස්සේ මේකට අවසර තියෙනවා - අලුත් නීතියක්