මේ පෞද්ගලික රෝහලෙන් ඔයත් බෙහෙත් ගත්තද - රෝහලට එරෙහිව පැමිණිල්ලක්

Report

කුරුණෑගල පෞද්ගලික රෝහලකින් රුපියල් 1580 ක මුදලක් වැඩියෙන් දිගින් දිගටම අය කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල පදිංචිකරුවෙකු ජාතික ඖෂධ නියාමන අධිකාරියට පැමිණිල්ල කර තිබේ.

මේ අනුව කුඩා දරුවන්ට නිකුත් කරනු ලබන එන්න තක් සඳහා මෙලෙස අධික මුදලක් ලබාගෙන තිබේ.

අදාළ පැමිණිල්ල දමා ඇති පුද්ගලයා බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක නියුතු පුද්ගලයෙක් වන අතර මාස හයක් වයස ඇති සිය දරුවාට ලබා දිය යුතු " සින්ෆ්ලොරික්ස් " (Synflorix) නමැති නිව්මෝනියාව සහ බැක්ටීරියා ආසාදනය වළක්වා ගැනීම සඳහා නියමිත එන්නත එම පෞද්ගලික රෝහලෙන් ලබා ගැනීමේදී මෙසේ වැඩි මුදලක් අයකර ඇති බවට චෝදනා කරයි.

තවත් රාජ්‍ය සේවක දීමනාවක් ඉහළට

තවත් රාජ්‍ය සේවක දීමනාවක් ඉහළට

එම එන්නතම මීට පෙර දරුවාට ලබා දීමේදී ඒ ආසන්නයේම පිහිටි තවත් පෞද්ගලික රෝහලකින් රුපියල් 6315 ක මුදලක් අයකර තිබූ බවද , තමන්ගේ චෝදනාවට ලක්වන රෝහල එම එන්නතටම රුපියල් 7895 ක් අයකරගෙන තිබූ බවද බැංකු නිලධාරියා පවසයි.

ඒ අනුව එම රෝහල එකම එන්නත සඳහා තමන්ගෙන් රුපියල් 1580 ක මුදලක් අසාධාරණ ලෙස වැඩියෙන් අයකරගෙන තිබෙන බව ඔහු පෙන්වා දෙයි.

එම පෞද්ගලික රෝහල් දෙකෙහිම පෞද්ගලික ප්‍රතිකාරවල නියුතුව සිටින එකම වෛද්‍යවරයෙකු විසින් තම දරුවාට අදාළ එන්නත නිර්දේශ කරන ලද බවද , ඒ සඳහා අවශ්‍ය බිල්පතක් පවා ලබා දීම එම පෞද්ගලික රෝහලේ කාර්ය මණ්ඩලය ප්‍රතික්ෂේප කළ බවද ඔහු කියා සිටී.

පසුව දැඩි ලෙස කරන ලද ඉල්ලීමකින් පසුව ඒ සඳහා බිල්පතක් ලබා ගැනීමට හැකිවූ බවද හෙතෙම පැවසීය.

දේශීයව නිෂ්පාදනය කරන ලද පාසල් සපත්තු සඳහා වසරක වගකීමක්

දේශීයව නිෂ්පාදනය කරන ලද පාසල් සපත්තු සඳහා වසරක වගකීමක්

ඖෂධ සම්බන්ධයෙන් රජයේ දැඩි නියාමනයක් සහ මිල පාලනයක් තිබියදීත් මේ ආකාරයට ඖෂධ සඳහා පෞද්ගලික අංශයේ රෝහල් හිතු මනාපයට වැඩි මිල ගණන් අය කරමින් ජනතාව අපහසුතාවයට පත් කිරීම පිළිබඳ ජාතික ඖෂධ නියාමන අධිකාරියට පැමිණිලි කිරීමට තීරණය කළ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඔහු මෙයට සාධකයක් බලාපොරොත්තු වේ.