"දුඹුරු සීනි පියා නාමය මට දෙන්න - මම ඒකට ආසයි" - හඳුන්නෙත්තිම කියයි
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවේ, දුඹුරු සීනි සහ උක් සීනි ආශ්රිත නිෂ්පාදන රට තුළ ප්‍රචලිත කිරීමට තම අමාත්‍යාංශය දැඩි ලෙස කටයුතු කරමින් සිටින බවයි.
මෙම ප්රයත්නයන් හේතුවෙන් අද ඇතැම් මාධ්‍ය තමාව "දුඹුරු සීනි පියා" ලෙස හඳුන්වා ඇති බවද ඔහු සඳහන් කළේය.
"සුදු සීනි පියා කියනවාට වඩා දුඹුරු සීනි පියා කියනවාට මට කැමැත්තක් තියෙනවා"
යැයි අමාත්‍යවරයා හාස්‍යජනකව පැවසීය.
දුඹුරු සීනි සහ උක් සීනි ප්‍රචලිත කිරීමෙන් සුදු සීනි ආනයනය අඩුකර ගැනීමට හැකි වන අතර, එමගින් විදේශ විනිමය ඉතිරි කර ගැනීමට හැකි බවද ඔහු අවධාරණය කළේය. මෙම උත්සාහයන් මගින් දේශීය කර්මාන්තකරුවන්ට සහ කුඩා පරිමාණ ව්‍යවසායකයින්ට නව අවස්ථා ලබාදීමද අමාත්‍යාංශයේ අරමුණක් බව සඳහන් වේ.
මෙම ප්‍රකාශය පාර්ලිමේන්තුවේ අද (14) සභා රැස්වීම් අතරතුරදී සිදුවූ අතර, දුඹුරු සීනි භාවිතය ප්‍රවර්ධනය කිරීම සෞඛ්‍යමය වශයෙන්ද වාසිදායක බවට තොරතුරු බෙදාහදා ගැනීමටද අමාත්‍යවරයා කටයුතු කළේය.