අතරමැදි කන්නයේ මුං අස්වනු නෙළන අයට සුබ ආරංචියක්
ක්‍රියාත්මක කරන ලද 2025 මුං වගාවේ ඵලදායිතාව හා නිෂ්පාදනය ඉහළ නැංවීමේ වැඩසටහන යටතේ 2025 යල කන්නයේ හා අතරමැදි කන්නයේ හෙක්ටයාර 16,500ක පමණ භූමි ප්‍රමාණයක මුං වගා කර ඇත.
ඒ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ මග පෙන්වීම මතයි. මේ ඔස්සේ මුං ඇට මෙට්‍රික්ටොන් 14,600ක පමණ අස්වැන්නක් අපේක්ෂා කරන බව සඳහන්.
එසේම එම අස්වැන්නෙන් මෙට්‍රික් ටොන් 12,000ක් පමණ සෘජුවම දේශීය වෙළෙඳපොළට පැමිණෙනු ඇති බවද බලාපොරොත්තු වේ.
මේ අතර දැනටමත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුං ඇට අස්වනු නෙළීම ආරම්භ කර තිබෙන අතර, අතරමැදියන් විසින් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 450/-ක පමණ අඩු මුදලකට මිල දී ගන්නා බවට වාර්තා වෙන බවට කැබිනට් පත්‍රිකාවේ සඳහන් වේ.
එනිසා ගොවීන්ට සිය නිෂ්පාදන වෙනුවෙන් සාධාරණ මිලක් ලබා දීමට හැකි වන ලෙස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ උපදෙස් මත ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය මඟින් ගොවීන්ගෙන් මුං ඇට අස්වැන්න මිල දී ගැනීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.
එසේම අඳාළ වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත කරමින් පුද්ගලික අංශය සමඟ තරගකාරී ලෙස මුං ඇට අස්වැන්න මිල දී ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන සලසා දීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.