උපවාසයේ නිරත විරෝධතාකරුවන්ගෙ සුව දුක් විමසන්න සජිත් එයි
ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර තිබෙන ඔවුන් කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන්නැයි ඉල්ලා මාරාන්තික උපවාසය පැවැත්වෙන ස්ථානයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (31) පෙරවරුවේ පැමිණ තිබේ.
මෙම විරෝධතාකරුවන් ඉකුත් ජනවාරි 26 වනදා සිට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මෙම විරෝධතාව ආරම්භ කර තිබේ.
කෙසේ නමුත් ඔවුන් සිය විරෝධතාව මාරාන්තික උපවාසයක් කිරීමෙන් අනතුරුව එම උපවාසයේ නිරතව සිටි කිහිප දෙනෙකුම සෞඛ්‍ය තත්ත්වය අයහපත් වී රෝහල්ගත කර තිබේ.