අවුරුදු 6ක දියණියක් අසත්‍ය කරුණු මත පියාගෙන් වෙන් කළ බවට චෝදනා (VIDEO)
කටුනේරියේ පදිංචි අවුරුදු 6ක දැරියක් සිය පියා විසින් අපයෝජනය කළ බවට අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් ළමා නිවාසයට දරුවාව යොමු කර ඇති බවට පියා සහ ප්‍රදේශවාසීන් චෝදනා කරයි.
ඔවුන් පවසන්නේ ග්‍රාම නිලධාරිවරයා සහ පොලීසිය ඔහු සමග ඇති පෞද්ගලික වෛරයක් මත මෙම ක්‍රියාව සිදු කර ඇති බවයි.
මෙම දරුවා සිය පියා සමග නිවසේ සිටි කාලයේ දී පාසල් ගොස් තිබේ. එහෙත් මේ වනවිට ඇය ළමා නිවාසයක සිටින අතර පාසල් ගමන ද නැවතී ඇත. මාරවිල පොලීසියේ කාන්තා පොලිස් පරීක්ෂක අයිරාංගනී පවසන්නේ එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනි සහ නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මංචනායක යන අයගේ දැනුම් දීම හා ප්‍රකාශ මත මේ සම්බන්ධව ඇය කටයුතු කර ඇති බවයි.
පියා විසින් මෙම දරුවාගෙන් ලිංගික අවශ්‍යතා ඉටු කරවා ගන්නා බවට ඉහත රාජ්‍ය නිලධාරීන් විසින් ඇය වෙත කරුණු ඉදිරිපත් කර තිබේ.
ඉහත නිලධාරීන්ට අමතරව දේවිකා ප්‍රියදර්ශන නැමැති කටුනේරිය පදිංචි කාන්තාවක් ද චෝදනා පොලීසිය වෙත ඉදිරිපත් කර තිබේ.
කෙසේ වුවද වෛද්‍ය වාර්තා වල එසේ ලිංගික අපයෝජනයක් සිදු වී නොමැති බවට තහවුරු වී ඇති බව එක්සත් මානව හිමිකම් සංවිධානය විසින් ගගන මාධ්‍ය ආයතනය වෙත වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර තිබේ.
අසල්වාසීන් ද මෙම දරුවට අසාධාරණයක් වී ඇති බවට වීඩියෝ ඉදිරිපත් කරමින් පෙනී සිටි. තවද මේ වන විට මේ ළමයා පිළිබඳව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය වෙත පැමිණිලි තුනක් යොමුකළ ඇති අතර ගරු අධ්‍යාපන අමාත්‍යවරයාගේ විශේෂ අවධානයට මෙම කාරණය යොමු විය යුතු බව එක්සත් මානව හිමිකම් සංවිධානය අවධාරණය කර සිටියි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |



