ව්‍යාජ ඔක්සිමීටර් හඳුනගන්නෙ මෙහෙමයි..ඔබත් මේ ගැන සැලකිලිමත්වන්න..
කොවිඩ් වසංගත තත්ත්වය තුළ වෙළඳපොළේ පවතින ගුණාත්මකභාවයෙන් බාල සහ ව්‍යාජ වෛද්‍ය උපකරණ ජනතාවගේ ජිවිත අවධානම ඉහල දමන බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) නිරීක්ෂකයන් පවසනවා.
රටේ ජනතාවට ගුණාත්මක වෛද්‍ය නිෂ්පාදන ලබා දීමේදී සිල්ලර ෆාමසිහල් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළ යුතු අතර එය ඔවුන්ගේ වගකීමක් බව එම ආයතනය සඳහන් කළා මේ හේතුවෙන් වෘත්තීය වගකීම් කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් NMRA අනුමත වෛද්‍ය නිෂ්පාදන පමණක් අලෙවිසැල්වල අලෙවි කරන ලෙස දැඩි ලෙස උපදෙස් ලබා දී ඇති බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් එම ආයතනය සඳහන් කළේ.
මේ අතර හෘද ස්පන්ධනය පරීක්ෂා කිරීම සඳහා භාවිතා කරන ඔක්සිමීටරය වෙත අතේ ඇඟිල්ල හැර පෑනක් වැනි උපකරණයක් ඇතුළු කළ විට ක‍්‍රියා කරයි නම් එය ව්‍යාජ ඔක්සිමීටරයක් බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරනවා.
එවැනි ඔක්සිමීටර මිලදී නොගන්නා ලෙස ද සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවට දැනුම් දෙනවා. එසේම ඔක්සිමීටරය වෙත නියපොතු පාට කර ඇති හෝ තෙත් බවින් යුත් ඇඟිල්ලක් යොමු කළ විටද ඉන් නිවැරදි හෘද ස්පන්ධන වේගය පෙන්නුම් නොකරන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.
ඒ අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විසින් තෝරාගත් පල්ස් ඔක්සිමිටර් නිෂ්පාදන කාණ්ඩය පිළිබඳ යාවත්කාලීන ලැයිස්තුව පහතින් දැක්වෙනවා.
ශරීරයේ ඔක්සිජන් මට්ටම අඩු බව ඔබම දැනගන්න..මෙන්න ක්‍රමය..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |