පොදු ස්ථාන වල ගැවසීමට අවසර පත වන..ස්මාර්ට් එන්නත්කරණ සහතිකය ලබා ගන්න ආකාරය මෙන්න..!
එන්නත් ලබා ගත්බවට සහතිකකෙරෙන ස්මාට් කාඩ් පත ලබා ගැනීම සඳහා ජාතික තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය කටයුතු යොදා ඇත.
https://covid-19.health.gov.lk/certificate/
වෙත පිවිසීමෙන් පසු අදාළ උපදෙස් ක්‍රියාත්මක කිරීමෙන් එම සහතිකය ලබා ගතහැකිය.
දැනට මෙම සහතිකය නිකුත් කෙරෙන්නේ විදෙස්ගත වන අය සඳහා පමණි .
එමෙන්ම, එන්නත්කරණය සිදුකළ බව සඳහන් කාඩ්පත අස්ථානගත වූ යම් පුද්ගලයකු සිටිනවා නම් තමන් පදිංචි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක හමු වී අදාළ උපදෙස් ලබාගැනීමට ක්‍රියාකළ යුතු බවයි රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නේ.
මෙරට සිදු කරන එන්නත්කරණ ක්‍රියාවලිය ඉතා වේගවත් හා සාර්ථක මට්ටමින් සිදුවෙමින් පවතින බවට ශ්‍රී ලංකාවේ ජපන් තානාපතිවරයාගේ සහ යුනිසෙෆ් සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතවරයාගේ ප්‍රසාදයට ලක් වේ.ඒ සඳහා ශ්‍රී ලංකා රජය ගෙනයන වැඩපිළිවෙල ජගත් පැසසුමට ලක්වෙමින් තිබෙන බව ඔවුහු පෙන්වා දුන්හ.
“කොවැක්ස්” වැඩසටහන ඔස්සේ ජපන් ආධාර යටතේ යුනිසෙෆ් සංවිධානය සහ ජපන් තානාපති කාර්යාලය එක්ව මෙරට සෞඛ්‍ය සේවාව සඳහා උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවේදී මේ බැව් ප්‍රකාශ විය. සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට මෙම පරිත්‍යාග තොගය නිල වශයෙන් (25) දහවල් භාරදෙනු ලැබීය.
මේ යටතේ, එන්නත් ප්‍රවාහන මෙවලම් 750 ක්,එන්නත් බහාලුම් ශීත පෙට්ටි 300 ක්,ශීතදාම ආරක්ෂක ශීතකරණ 100 ක්,සාර්ථක එන්නත් කළමණාකරණ ආවේක්ෂණය සඳහා භාවිතා කිරීමට ඇන්ඩ්‍රොයිඩ් ටැබ්ස් තොගයක්ද භාර දෙනු ලැබීය. ජපන් රජය මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට පසුගිය වසරේදී පමණක් ඩොලර් මිලියන 16.2 ක පමණ මුදලක් වැය කර ඇතැයිද ඉදිරියේදීද මෙරට සෞඛ්‍ය සේවාව සඳහා ලබාදිය හැකි උපරිම දායකත්වය ලබා දෙන බවද ශ්‍රී ලංකාවේ ජපන් තානාපති සුගියාමා අකිරා මහතා පැවසීය.
මෙරට සෞඛ්‍ය සේවාව නගාසිටුවීම සඳහා දිගු කලක සිට ජපානය සහයෝගය ලබාදෙන බවද පවතින කොවිඩ් මර්දනයේදී එම සහයෝගය වඩාත් ඉහළ මට්ටමින් වර්තමානයේ ලබා දෙන බවද සුගියාමා අකිරා මහතා මෙහිදී කීය. කොවිඩ් මර්දනයේදී ජපානය ගෙන යන වැඩපිළිවෙල හා සම්බන්ධ දැනුම හා තොරතුරු මෙන්ම මෙරට කොවිඩ් මර්දන ක්‍රියාවලිය හා සම්බන්ධ දැනුම හා තොරතුරු හුවමාරු කර ගැනීම දෙරටටම ප්‍රායෝගිකව වැදගත් වනු ඇතැයිද ජපන් තානාපතිවරයා මෙහිදී කීය.
ජනමාධ්‍ය අමාත්‍යවරයාව සිටියදී මෙරට රූපවාහිනී ඩිජිටල්කරණය සඳහා වන වැඩසටහනට කෙහෙලිය රඹුක්වැල්ල මහතාගෙන් ලද සහයෝගය මෙහිදී ජපන් තානාපතිවරයාගේ පැසසුමට ලක් විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ඉල්ලීමක් මත ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව මෙරටට පරිත්‍යාග කිරීම පිළිබඳව ප්‍රසාදය පළ කරන බවත් ඉදිරියටත් එවැනි සහයක් ජපානයෙන් මෙරටට ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී කීය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ,අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය සේවා) වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග, යුනිසෙෆ් ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් ස්කෝග් යන මහත්ම මහත්මීන් ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් , ජපන් තානාපති කාර්යාල නිලධාරීන් සහ යුනිසෙෆ් සංවිධානයේ මෙරට නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
