තත්ත්වයෙන් උසස් ඔක්සිමීටර් මිලදී ගන්නේ මෙහෙමයි - මේ ගැන දැඩිව සැලකිලිමත් වන්න..
ප්‍රමිතියෙන් තොර ඔක්සිමීටර් මිලදී ගැනීමෙන් වළකින ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.එවැනි ඔක්සිමීටර් භාවිතයෙන් සිරුරේ ඔක්සිජන් මට්ටම පිළිබඳ වැරදි දත්ත ලබාදෙන බවයි එහි ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක අමිත පෙරේරා මහතා සඳහන් කළේ.
මේ හේතුවෙන් ජනතාව අනවශ්‍ය කලබලයට පත් වන බව ද ඔහු පැවසුවා. වෙළෙඳපොළට නිකුත් කිරීමට අවසර ලබා දී තිබෙන ඔක්සිමීටර නිෂ්පාදන වල තොරතුරු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වෙබ් අඩවියේද ඇතුළත් කර තිබෙන බවයි අමිත පෙරේරා මහතා සඳහන් කළේ.
තත්ත්වයෙන් උසස් ඔක්සිමීටර මිලදී ගැනීමේ ඊට බිල්පතක් ලබාදෙන අතර මාස 06ක වගකීම් කාලයක් ද ලබාදෙන බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරිවරයා පැවසුවා.
රජයේ ඔසු සැල්වලින් (SPC) සහ ලියාපදිංචි පෞද්ගලික ආයතනවලින් තත්ත්වයෙන් උසස් ඔක්සිමීටර ලබා ගැනීමේ හැකියාව පවතනවා. ඖෂධ ශාලාවකින් මෙම උපකරණ මිලදී ගැනීමේදී වගකීම් සහතිකයක් නිකුත් නොකරන්නේ නම් එවැනි ඔක්සිමීටර් මිලදී ගැනීමෙන් වලකින ලෙස ඔහු අවධාරණය කළා.
ප්‍රමිතියෙන් තොර ඔක්සිමීටර් පාරිභෝගිකයින්ට අලෙවි කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට හා එම උපකරණ වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක අමිත පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියා.
මේ අතර, තත්ත්වයෙන් බාල ඔක්සිමීටර් හෙවත් ඔක්සිජන් මාපක අලෙවිකරන වෙළෙඳුන් සොයා වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. එහි දකුණු පළාත් ආහාර හා ඖෂධ පරික්ෂක කේ. එච්. ජයරත්න මහතා පැවසුවේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් මෙම වැටලීම් ආරම්භකළ බවය.
ඒ අනුව ඊයේ (28) සිදුකළ වැටලීම්වලදී තත්ත්වයෙන් බාල ඔක්සිමීටර් 250කට ආසන්න සංඛ්‍යාවක් සිය භාරයට ගත් බව ඔහු පැවසුවේය. "ලංකාව පුරා තත්ත්වයෙන් බාල ඔක්සිමීටර් අලෙවිවෙමින් පවතින බවට විශාල වශයෙන් මහජන පැමිණිලි ලැබෙමින් පවතිනවා.
විශේෂයෙන්ම ජාතික ඖෂධ නියාමන අධිකාරියටත් දකුණු පළාතේ දිස්ත්‍රික් සෞඛය සේවා අධිකාරියටත් මහජන පැමිණිලි දිනපතා විශාල වශයෙනේ ලැබෙමින් පවතිවා. එම නිසා මුල්වරට තත්ත්වයෙන් බාල ඔක්සිමීටර් සොයා බැලීමේ ව්‍යාපාරය ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළා.
ගාල්ල, කරාපිටිය, බද්දේගම, අම්බලංගොඩ වැනි ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර අශ්‍රිතව අරම්භ කළා. ගාල්ල දිස්ත්‍රික්කයේ ආහාර හා ඖෂධ පරික්ෂකවරුන්ගේ සහාය මේ සඳහා ලබා ගත්තා. ඖෂධශාලා 42කට වැඩි සංඛ්‍යාවක් පරීක්ෂා කළා.
තත්ත්වයෙන් බාල ඔක්සිමීටර් 250කට ආසන්න ප්‍රමාණයක් සොයාගනු ලැබුවා.
මේ සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියට වාර්තා කිරීමෙන් අනතුරුව ඉදිරියේ දී නීතිමය කටයුතු කරනවා."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |