මධ්‍යසාර සහ දුම් බොන අයට කොවිඩ් බලපාන හැටි
මධ්‍යසාර සහ දුම්වැටි භාවිතා කරන පුද්ගලයන්ට ඩෙල්ටා වෛරස ප්‍රභේදයෙන් ආරක්ෂාවීමට ඇති ඉඩකඩ ඉතාමත් අඩු බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය ආචාර්ය සමාධි රාජපක්ෂ මහතා පවසනනවා.
වැඩිදුරටත් ඒ මහතා සඳහන් කරන්නේ දුම් පානය කරන කෙනෙක් නම් එය වහාම නැවැත්විය යුතු බවයි. එයට හේතුව ලෙස වෛද්‍යවරයා සඳහන් කරන්නේ දුම් පානය නොකරන කෙනෙක්ට වඩා දුම් පානය කරන පුද්ගලයෙකුට කොරෝනා වැළඳීමේ සම්භාවිතාව 14%ගුණයකින් වැඩි බවයි.
එමෙන්ම රෝගය වැළදුනොතින් සංකුලතා ඇතිවී මරණයට පත්වීමේ ඉඩකඩ වැඩි බවත් වෛද්‍යවරයා පවසනවා බොහෝවිට දුම් පානය කරන හෝ මත්පැන් පානය කරන අයෙක් නම් එන්නත ලබා ගත්ත ද එන්නත තුළින් ශරීරයේ ඇතිවන ප්‍රතිශක්තිකරණය අඩපණ කරන බවද ඔහු සඳහන් කරනවා
එමෙන්ම, කොවිඩ් මරණ වල වැඩි ප්‍රතිශතය දීර්ඝකාලීන බෝ නොවන රෝගීන් සඳහා ද දැඩි බලපෑමක් ඇති කර ඇති බවත් එය මේ වන විට සියලු වයස් කාණ්ඩ දක්වා වර්ධනය වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග අධ්‍යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි පවසනවා.
ඇය මෙම අදහස් පළකර සිටියේ අද සවස මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මේ තත්ත්වය වැඩි අවධානයට ලක් කර ගනිමින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් බෝ නොවන රෝගීන් සඳහා විශේෂ අවධානයක් යොමුකර ඇති බවත් ඇය වැඩිදුරටත් පැවසුවා.
බෝ නොවන රෝගීන් සඳහා වෛද්‍ය සායන පැවැත්වීමේ ක්‍රමවේද මෙන්ම හුදෙකලා කර ඇති ප්‍රදේශ සදහා ජංගම සායන මගින් ප්‍රතිකාර සහ ඖෂධ ලබාදීමටත් ක්‍රමවේද සකස් කර තිබෙන බවයි ඇය පවසන්නේ.
මේ අනුව වෛද්‍ය නිර්දේශ මත එකවර මාස 2කට වැඩි කාලයක් සඳහා රෝගීන්ට ඖෂධ ලබා දෙනු ඇති. එමෙන්ම නිවෙස් තුළ එක්තැන් වී සිටින රෝගීන් සඳහා සෞඛ්‍ය පහසුකම් නිවසට ගොස් ලබා දීමේ වැඩපිළිවෙළක් ද ආරම්භ කර ඇති අතර ඒ සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් දැනුවත් කර ඇති බවයි බෝ නොවන රෝග අධ්‍යක්ෂවරිය කියා සිටියේ.
මීට අමතරව ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ගේ රුධිර මට්ටම හා සීනි මට්ටම් පරික්ෂා කිරීමට ද රෝහල් තුළ වෙනම ස්ථානයක් වෙන් කර ඇති බවයි මෙහිදී පැහැදිලි කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |