වහාම ක්‍රියාත්මක වන පරිදි මේ රාජයේ සේවකයන් අද දැවැන්ත වැඩ වර්ජනයක් - කිසිවෙකු සේවයට වාර්තා නොකරයි
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දිවයින පුරා සේවයේ නිරත සංවර්ධන නිලධාරීන් අද (09) දිනයේ ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමය පවසයි.
මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් රාජ්‍ය ආයතන රැසක අභ්‍යන්තර කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල විය හැකි බව එම සංගමයේ ප්‍රධාන ලේකම්, නීතිඥ අනුරාධ සෙනවිරත්න මහතා සඳහන් කළේය.
අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පළාත් සභා, ගිණුම් අංශ, ඉඩම් අංශ, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන රැසක ප්‍රධාන කාර්යයන් සංවර්ධන නිලධාරීන් විසින් සිදුකරන බැවින්, ඔවුන් සේවයට වාර්තා නොකිරීමෙන් මහජන සේවාවන් රැසක් අඩාල විය හැකි බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
වෘත්තීය සමිති 12ක එකතුවෙන් සංවිධානය කර ඇති මෙම ක්‍රියාමාර්ගය සඳහා උතුරු හා නැගෙනහිර පළාත් ඇතුළුව පළාත් සභා 9 නියෝජනය කරන වෘත්තීය සමිති මෙන්ම මධ්‍යම රජයේ වෘත්තීය සමිති රැසක් ද එක්ව සිටියි.
නි.ඇමති මහින්ද ජයසිංහ මහතා ගැන ආන්දෝලනාත්මක අනාවරණයක් - සුදුසුකම් බොරුලු ටීචීන් පත්වීම ලැබුණු විදිහත් එළියට
තම ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරිය, රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යවරයා ඇතුළු අදාළ බලධාරීන්ගේ අවධානය යොමු කරවා ගැනීමට අපේක්ෂා කරන බව අනුරාධ සෙනවිරත්න මහතා ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් ඉදිරියේදී මීටත් වඩා ප්‍රබල වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹීමට සූදානම් බව ද ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.