මාසික වැටුප 10000 කින් වැඩි කරන්නැයි තරු 05හේ සේවකයෝ කරපු වැඩේ මෙන්න..

Sri Lanka Picketing Hotel Salary problems Aluthgama moragalle
By Aruna Jan 01, 2022 02:02 AM GMT
Aruna

Aruna

Report

අලුත්ගම මොරගල්ල තරු පන්තියේ සංචාරක හෝටලයක සේවකයෝ 300 වැටුප් වැඩි කර දෙන්නැයි ඉල්ලා සේවයෙන් ඉවත්ව හෝටල් පරිශ්‍රය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත වන බව හෝටල් සංගම් සේවක එකමුතුව පැවසීය .

ඔවුන්ට මෙතෙක් ලබාදෙන මාසික වැටුප රුපියල් 12500 රුපියල් 10,000 කින් වැඩි කර දෙන්නයි හෝටල් කළමනාකාරිත්වයට බල තරමින් මෙසේ සේවයෙන් ඉවත්ව සිටින බව කියයි .

මේ වනකොට එම සංචාරක හෝටලයේ නව වසර උදාව සැමරීම සඳහා විදෙස් සංචාරකයන් 300කට වැඩි පිරිසක් පැමිණ සිටින බවත් එම සංචාරකයන් වෙනුවෙන් සේවා සැපයීමට එම හෝටලයේ විධායක නිලධාරීන් තිස් පස් දෙනකුට සිදුව ඇතැයි එම සේවකයින් පවසයි.

මේ අතර හෝටල්සේවකයින් වෙනුවෙන් කළමනාකාරීත්වය හා දහවල් බේරුවල දකුණු ශාසනාරක්ෂක මණ්ඩලයෙ ලේඛකාධිකාරි සහ මොරගල්ල ගංගාරාම විහාරාධිපති මොරගල්ල අරියවිමල තිස්ස හිමියන් හෝටල් කළමනාකාරීත්වය, සේවක සංගම් නියෝජිතයන් කිහිප දෙනෙකු ඇතුළුව කළ සාකච්ඡාවකින් අනතුරුව විරෝධතාවයේ නියුතු සේවකයන්ට විරෝධතාවය අතහැර යළි සේවයට පැමිණෙන්නැයි කළමනාකාරීත්වය කළ ඉල්ලීම එම හිමියන්ගේ ද මැදිහත් වීම මත සේවකයින් පිළිගෙන යළි සේවය කිරීමට එකඟත්වය පළකර තිබෙන බවත් සේවක වැටුප් වැඩි කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනවාරි පස් වන දින එම හිමියන්ගේ ද වැඩම කරවීමෙන් එම හෝටල් පරිශ්‍රයේදී සිදුකිරීමට කළමනාකාරීත්වය පොරොන්දු වූ බව ත් සේවක සංගම් ප්‍රකාශකයෙකු පැවසීය.

– තුසිත කුමාර ද සිල්වා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now