ලංකාව යළි ජාත්‍යන්තරයට. - පළමු වරට මෙරට සුනඛයින්ට සුපිරි හෝටලයක්. - A /C කාමර සහිතයි. - සිනමාවටත් පුහුණු කරයි. - (PHOTOS)

Colombo Dog Training
By Wayomi Dec 19, 2024 09:20 AM GMT
Wayomi

Wayomi

Report

සුරතල් සුනඛයින් සඳහාම වෙන් වූ වායු සමීකරණය කරන ලද කාමර සහිත පළමු හෝටලය හෝමාගම නියඳගල ප්‍රදේශයේදී පසුගියදා විවෘත කර තිබුනා.

මෙම හෝටලය තුළ තමන්ගේ සුරතල් සුනඛයින්ට නවතා තබා යාමට හැකියාව ඇති අතර එහිදී සුඛෝපභෝගී වායු සමීකරණය කරන ලද කාමරවල එම සුනඛයන්ට නවතම පහසුකම් හිමි වේ.

එමෙන්ම එම සුනඛයින් සඳහා පිහිනුම් තටාක පහසුකම් ආහාර ඖෂධ විශේෂ පුහුණුවීම් ආදිය මෙම හෝටලයේදී ලබාදීමට සැලසුම් කර ඇති අතර එම සුනඛයින්ගේ උපන්දින සාද ආදිය පැවැත්වීමට ද සුනඛයෙන් සමඟ කාලය ගත කිරීමට කැමති පුද්ගලයින් සඳහා එම අවස්ථාවන් ලබාදීම ද මෙහිදී සිදු කරනු ලබයි.

මේ අතර සිනමා පට සහ ටෙලි නාට්‍ය සඳහා අවශ්‍ය සුනඛයින් පුහුණු කර ලබාදීමද මෙම හෝටලයෙන් ලබාගත හැකි සේවාවන් අතර වේ.

මෙම හෝටලය විවෘත කිරීමෙන් අනතුරුව සුරූපී නිරූපණ ශිල්පින් සමගින් සුනඛයින් කුරුල්ලන් මාළුවන් ආදී සතුන් සමග මෝස්තර නිරූපණ දැක්මක්ද සිදුවිය .

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්. - පාසල් සිසුන්ට දීමනාව ලබදෙන්නේ මෙන්න මේ විදිහට.

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්. - පාසල් සිසුන්ට දීමනාව ලබදෙන්නේ මෙන්න මේ විදිහට.

කැබිනට් අනුමැතියත් සමඟ විශ්‍රාම යෑමේ වයස වෙනස් කරයි. - එම වයස් සීමාව මෙන්න.

කැබිනට් අනුමැතියත් සමඟ විශ්‍රාම යෑමේ වයස වෙනස් කරයි. - එම වයස් සීමාව මෙන්න.



You May Like This Video

  

GalleryGallery
ReeCha