හෙට සිට අත්‍යවශ්‍ය සේවාවක් වැඩ වර්ජනයක

Government Employee Train Strike Sinhala news
By Mithu Jun 24, 2025 01:05 PM GMT
Mithu

Mithu

Report

දුම්රිය සේවකයන් හෙට දින වැඩ වර්ජනයකට සූදානම් වන බව සඳහන් වේ.

වැටුප් කප්පාදු කිරීමක් මුල්කරගනිමින් දුම්රිය මාර්ග හා කර්මාන්ත, සංඥා ඇතුළු උප දෙපාර්තුමේන්තුවල සේවකයන් දහස් ගණනක් හෙට (25 වැනිදා) සවස 04 සිට පැය හතළිස් අටක වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය සේවක සංගමය පවසයි.

දුම්රිය සේවකයන් සඳහා අතිකාල ගෙවීම් පැයට පැය එකහමාරක් වශයෙන් සිදුකළත් මේ වනවිට එම ගෙවීම පැයට පැයක් ලෙස ගෙවීම් කිරීමට පියවර ගෙන තිබෙන බවත් මෙය බලවත් අසාධාරණයක් බවත් දුම්රිය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ඩී.එම්.ඩී අබේරත්න පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ‘සැඟවුණු ආශිර්වාදය’ – හරක් කටාගේ ජාවාරම නැවතී නෑ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ‘සැඟවුණු ආශිර්වාදය’ – හරක් කටාගේ ජාවාරම නැවතී නෑ

දුම්රිය දෙපාර්තුමේන්තුවේ වැඩිම සේවකයන් පිරිසක් නියෝජනය කරන්නේ දුම්රිය මාර්ග හා කර්මාන්ත උප දෙපාර්තුමේන්තුව යටතේ බවත් සංඥා උප දෙපාර්තුමේන්තුවේද ඊට ආසන්නම සේවකයන් පිරිසක් කටයුතු කරන බවත් හෙතෙම කීවේය. දුම්රිය සේවක සංගමය යනු වත්මන් රජය බලයට ඒමට පෙර සිටම කටයුතු කළ ප්‍රධාන පෙළේ දුම්රිය වෘත්තීය සමිතියකි.

රන් මිල පහළට – ආයෝජන ක්‍රම වෙනස් කරන්න වෙලාවයි

රන් මිල පහළට – ආයෝජන ක්‍රම වෙනස් කරන්න වෙලාවයි

ReeCha