එකක් ඉවර වෙද්දි තව එකක්, ඉස්සරහට ඔන්න බත් කන්න හාලුත් නෑ

Food Shortages Sri Lanka Rice Sinhala news Breaking News
By Kaushi Jun 24, 2025 01:09 PM GMT
Kaushi

Kaushi

Report

සම්බා, කීරි සම්බා, සහ රතු කැකුළු සහල්වල දැඩි හිඟයක් ඇති බව වාර්තා වී ඇත. දැනටමත් බොහෝ සුපිරි වෙළෙඳසැල්වල මෙම සහල් වර්ග මිලදී ගැනීමට නැති බව සඳහන්.

මේ නිසා පාරිභෝගිකයන් දැඩි ලෙස අපහසුතාවට පත්ව ඇත. මෙසේ වෙළඳපොළ තුළ සම්බා, කීරි සම්බා, සහ රතු කැකුළු සහල් හිඟ වීමට ප්‍රධාන හේතුව වන්නේ කුඩා පරිමාණ සහල් මෝල්වලින් වෙළෙඳපොළට නිකුත් කරන ලද සහල් තොග මේ වන විට අවසන් වී පැවතීම බව පවසයි.

කොළඹට විශේෂ දැනුම් දීමක්

කොළඹට විශේෂ දැනුම් දීමක්

එමෙන්ම මහා පරිමාණ සහල් වෙළෙන්දන් මේ දිනවල දී සීමිත වශයෙන් සහල් තොග වෙළෙඳපොළට නිකුත් කරන බවට ද තොරතුරු ලැබී ඇති බව වාර්තා වේ.

මේ අතර වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ කුඩා පරිමාණ සහල් වෙළෙන්දන්ගේ තොග අවසන් වීමෙන් අනතුරුව මහා පරිමාණ වෙළෙන්දන් විසින් සහල් මිල ගණන් ඉහළ දැමීමට සූදානමක් පවතින බවයි.

කෙසේ වෙතත් මේ තත්ත්වය පාරිභෝගිකයන්ට දැඩි වශයෙන් බලපාන බව පවසයි.

අදහාගන්න පුළුවන්ද? 241 එක්ක මරු කටට ‍යනවා කියලා ඇය කළින්ම දැනන් ඉඳලා, මැරිලත් යාළුවා එක්ක ඉන්න ප්‍රාචී ගැන ඇහෙන ඛේදවාචකය

අදහාගන්න පුළුවන්ද? 241 එක්ක මරු කටට ‍යනවා කියලා ඇය කළින්ම දැනන් ඉඳලා, මැරිලත් යාළුවා එක්ක ඉන්න ප්‍රාචී ගැන ඇහෙන ඛේදවාචකය

ඊට අමතරව ගොවීන් දක්වන්නේ මෙම සහල් හිඟයට සමගාමීව නියමිත වේලාවට පොහොර නොලැබීම නිසා කුඹුරු ඉඩම් බොහෝමයක ගොයම් කහ පැහැ ගැන්වී තිබෙන බවයි.

මේ නිසා ගොවීන් පවසන්නේ මෙවර යල කන්නයේ වී අස්වැන්න අඩුවීමේ අවදානමක් පවතින බවයි.

එමෙන්ම විශ්ලේෂකයෝ ද දක්වන්නේ අස්වැන්න අඩුවීම ඉදිරියේදී සහල් හිඟය තවදුරටත් උග්‍ර කිරීමට හේතු විය හැකි බවයි.

පැයයි ගියේ විරාමෙට බම්බු ගහගන්න කියලා ඉරානෙන් ඊශ්‍රායලට තවත් බිහිසුණු ප්‍රහාරයක්

පැයයි ගියේ විරාමෙට බම්බු ගහගන්න කියලා ඉරානෙන් ඊශ්‍රායලට තවත් බිහිසුණු ප්‍රහාරයක්

ReeCha