වෛද්‍ය වර්ජනය නිසා රෝහල් රැසක කටයුතුවලට බාධා,රෝගීන් දැඩි අසීරුවක
අද දින ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් ආරම්භ කළ පැය 48ක වැඩ වර්ජනය මේ වනවිට ක්‍රියාත්මක වනු ලැබේ.
මෙම වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි පීඩාවකට පත්ව ඇති අතර රෝගී සත්කාරක සේවා අඩපණවී තිබෙන බව සදහන් වේ.
කෙසේ වෙතත් ළමා රෝහල, මාතෘ රෝහල්, පිළිකා රෝහල්, වකුගඩු ප්‍රතිකාර ඒකක, ත්‍රිවිධ හමුදා රෝහල් සහ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතය තුළ මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වන්නේ නැත.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ වෛද්‍යවරයා සදහන් කරන්නේ මේ වනවිට රජයේ රෝහල් වල දෛනික මෙන්ම සාමාන්‍ය කටයුතු අකර්මණ්‍ය වී ඇති බවයි.
රජය සමග ඕනෑම මොහොතක මෙය විසදගැනීම සදහා සූදානමින් සිටින බවද තව දුරටත් එතුමා සදහන් කර තිබේ.