මහින්ද යටතේ වැඩ කරපු හැම නිලධාරියෙක්ටම වැඩ වැරදෙන ලකුණු - පැමිණිල්ලක්

Report

2005 වසරේ සිට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය නිමාවන තෙක් ඔහු යටතේ සේවය කළ සියලුම නිලධාරීන් සතු දේපළ හා අයථා ආකාරයට උපයාගත් මුදල් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන මෙන් ඉල්ලමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇත.

ඒ අනුව අඳාළ පැමිණිල්ල සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් විසින් යොමු කළ බව සඳහන්. වත්මන් රජයේ පාර්ශවකරුවන් හිටපු ජනාධිපතිවරයාට විරුද්ධව මූල්‍ය වංචා චෝදනා එල්ල කළද, එදා ඔහු වටා සිටි නිලධාරී මණ්ඩලයේ වත්කම් පිළිබඳව නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව මෙම නියෝජිතයෝ මෙහිදී විවේචනාත්මකව පෙන්වා දී තිබෙනවා.

එබැවින් මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් මහතා කියා සිටියේ අදාළ නිලධාරීන් සතු අසීමිත ධනය පිළිබඳ තොරතුරු ජනාධිපති ලේකම් කාර්යාලය සතු ලේඛන මඟින් තහවුරු කරගත හැකි බවයි.

නීතිපති ගැන අහන්න ගිය සජිත්ට පාර්ලිමේන්තුව මැදම අධිකරණ ඇමතිගෙන් නෝන්ඩියක්

නීතිපති ගැන අහන්න ගිය සජිත්ට පාර්ලිමේන්තුව මැදම අධිකරණ ඇමතිගෙන් නෝන්ඩියක්

එනිසා එම දත්ත පදනම් කරගනිමින් විධිමත් විමර්ශනයක් පවත්වා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස තමන් ඉල්ලා සිටි බවද ඔහු සඳහන් කළා.

ඊට අමතරව ඔහු අවධාරණය කර ඇත්තේ සේවයට එක්වන අවස්ථාවේ කිසිදු වත්කමක් නොතිබූ ඇතැම් නිලධාරීන් පසුව මහා පරිමාණ ධනවතුන් බවට පත්ව ඇති බවට බරපතළ සැකයක් පවතින බවත්, මහජනතාව තුළ පවතින මෙම සැකය දුරු කිරීම සඳහා ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය බවත් ය.

සියලුම දෙනාට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

සියලුම දෙනාට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

ගුරු සංගමයෙන් නිවේදනයක් - පාසල් වැසේ? ගුරු හා විදුහල්පතිවරුන් 11,000කට රැකියා අහිමි වීමේ ලකුණු

ගුරු සංගමයෙන් නිවේදනයක් - පාසල් වැසේ? ගුරු හා විදුහල්පතිවරුන් 11,000කට රැකියා අහිමි වීමේ ලකුණු