මං දැන් දේශපාලනයේ නෑ - රනිල් දේශපාලනයෙන් ඉවත්වෙයි
අද (23) පෙරවරුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවරට පැමිණ මල්වතු සහ අස්ගිරි මහා විහාර වෙත ගොස් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා දෙනම බැහැදැක ආශිර්වාද ලබාගෙන ඇත.
පසුව ජනාධිපතිවරයා විහාරස්ථානයෙන් පිටව යන අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ තමන් මේ වන විට දේශපාලනයේ නිරත නොවන බවයි.
මෙහිදී හිටපු ජනාධිපතිවරයා වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මහනාහිමිවරුන් සමඟ සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.
සාකච්ඡාව අවසන්ව පිටව යන අවස්ථාවේදී වත්මන් නීතිපතිවරයා ඉවත් කිරීමේ සූදානම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටියද, ඊට සෘජු පිළිතුරක් ලබා නොදුන් ඒ මහතා "මම නං මුකුත් දන් නෑ ඒ ගැන මං ආණ්ඩුවෙත් නෑ.. මං දැන් දේශපාලනයෙත් නෑ" බව පමණක් පවසා එතැනින් නික්ම ගියේය.