අත්අඩංගුවට ගත් අනූෂ පැල්පිට රිමාන්ඩ්
විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනූෂ පැල්පිට මහතා එළඹෙන මස හය වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වේ.
ඒ ඔහුව අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන අද (23) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
රුපියල් කෝටි හතරයි ලක්ෂ හැටක මුදලක් උපයාගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වීම හේතුවෙන් මොහුව අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ එම කොමිසමෙන් මූලික ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසුවයි.