ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් පත් කරයි - අගමැති සහ විපක්ෂ නායක එකඟතාවයකට ඇවිත්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් වශයෙන් නම් කරනු ලබන පුද්ගලයින් තිදෙනා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එකඟතාවයකට පැමිණ ඇති බව වාර්තා වේ.
එබැවින් හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, හිටපු තැපැල්පති රංජිත් ආරියරත්න, මහාචාර්ය වසන්ත සෙනෙවිරත්න යන අය සිවිල් නියෝජිතයන් වවශයෙන් පත් කිරීමට යෝජනා වී ඇති බව සඳහන්.
එමෙන්ම මෙම පත්වීම් සම්බන්ධයෙන් අවසන් තීරණයට එළැඹ ඇත්තේ අග්‍රාමාත්‍යවරිය සහ විපක්ෂ නායකවරයා අතර පැවැති සාකච්ඡාවලින් පසුව බව පවසයි.