විශාල පෙරළියක් - ජපාන පාර්ලිමේන්තුව විසුරවයි - හේතුව මෙන්න
By Kaushi
හදිසි මහ මැතිවරණයක් සඳහා ජපාන පාර්ලිමේන්තුව විසුරවා හැරීමට අග්‍රාමාත්‍ය සනයි තකයිචි පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව පෙබරවාරි 8 වන දින ජපාන පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිත බව සඳහන්.
එමෙන්ම මෙහි ඇති විශේෂත්වයක් නම් ජපානයේ පළමු කාන්තා අගමැතිවරිය ලෙස ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේදී අග්‍රාමාත්‍ය ධූරයට පත් වු සනයි තකයිචි ධූරට පත් වී මාස 03ක් වැනි කෙටි කාලයක් තුළ මෙසේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමයි.
කෙසේ වෙතත් විදෙස් විචාරකයින් පෙන්වා දෙන්නේ ඇයගේ ජනප්‍රියත්වය හරහා පාලක පක්ෂයේ බලය තවදුරටත් තහවුරු කර ගැනීමේ අපේක්ෂාවෙන් මෙම හදිසි මැතිවරණය කැඳවා ඇති බවයි.