රජයේ රෝහල් පද්ධතිය ගොඩ ගන්න අලුත් වැඩක්

Report

රජයේ රෝහල් පද්ධතිය වඩාත් විධිමත්ව හා ඉහළ පහසුකම් වලින් සමන්විත රෝගී සත්කාර සේවා සමගින් පවත්වා ගෙන යාම මුලික අරමුණ බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සදහන් කර තිබේ.

අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ පසුගිය දා කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ විශේෂ නිරීක්ෂණයක නිරත වූ අතර එම නිරීක්ෂණ චාරිකාවට එක්වමිනි.

මෙම අවස්ථාවට කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සාගරිකා කිරිවන්දෙණිය, නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්වන වෛද්‍ය ලලිත් පෝද්දලගොඩ,වෛද්‍ය මනෝජ් ජයකොඩි,වෛද්‍ය සායි නිරන්ජන් යන මහත්ම මහත්මින් ඇතුළුව පරිපාලන නිලධාරීන්, විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු සියලු සෞඛ්‍ය වෘත්තීන් නියෝජනය වන පරිදි කාර්ය මණ්ඩලයේ පිරිසක් ද එක්ව තිබුණි.

එම අවස්ථාවේදී අමාත්‍යවරයා රෝහලේ වාට්ටු, සායන පරිශ්‍රය, බාහිර රෝගී අංශය,රසායනාගාරය, හදිසි ප්‍රතිකාර අංශය ඇතුළු අංශ නිරීක්ෂණය කර ඇත.

එමෙන්ම එතුමා රෝහල් කාර්යමණ්ඩලය මෙන්ම ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි ජනතාව සමග ද කතා බහක නිරත වී ඇති බව වාර්තා වේ.

එහිදී පවතින ප්‍රායෝගික ගැටලු පිළිබඳව ද විමසා ඇති බවද සදහන් වේ.

මෙම නිරීක්ෂණයෙන් අනතුරුව රෝහල් පරිපාලනය සමග විශේෂ සාකච්ජාවක අමාත්‍යවරයා නිරත විය.

තවද නියෝජ්‍ය අමාත්‍යවරයා රෝගී ප්‍රතිකාර සේවාවන් තවතවත් විධිමත්ව පවත්වාගෙන යාම සඳහා ඔවුන්ගෙන් දීර්ඝව කරුණු විමසා ඇති බවද වාර්තා වේ.

නියෝජ්‍ය අමාත්‍යවරයා රෝහල් වල පවතින ගැටලු වලට විසඳුම් ලබා දීමට ද පියවර ගත් බවද සදහන් වේ.

තවද එම මොහොතේ විසදුම් ලබා දීමට නොහැකි ගැටලුවලට ඊට අදාළ නිලධාරීන් දුරකතනයෙන් සම්බන්ධකරගනිමින් එම ගැටලු නිරකරණය කිරීමට ද එම මොහොතේම පියවර ගත බවද වාර්තා වේ