කුවේට් ප්‍රහාරය හෙළාදකිමින් ශ්‍රී ලංකා රජය දැඩි කනස්සල්ල ප්‍රකාශ කරයි

Report

 කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පසුගිය දා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ල පළ කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ, මෙම ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුට තුවාල ලබා ඇති බවයි.

කලාපයේ ජීවත් වන සහ සේවය කරන මිලියනයකට අධික ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ආරක්ෂාව, යහපැවැත්ම සහ ආරක්ෂාව ශ්‍රී ලංකා රජයට ප්‍රමුඛතාවයක් ලෙස සලකන බවයි වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් කර තිබේ.

විදෙස් සිසුන්ගේ ඇතුළත් කිරීම් සම්බන්ධයෙන් එක්සත් රාජධානියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

විදෙස් සිසුන්ගේ ඇතුළත් කිරීම් සම්බන්ධයෙන් එක්සත් රාජධානියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සියලුම පාර්ශවයන්ගෙන් උපරිම සංයමයක් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින ශ්‍රී ලංකාව, කලාපීය සාමය, ආරක්ෂාව සහ සිවිල් වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වන ගෝලීය උත්සාහයන්ට සහාය දැක්වීමට දැඩි ලෙස කැපවී සිටින බවත් නිවේදනයේ සඳහන් වේ