රෝහලකින් බරපතල අත්වැරදීමක්..රෝගීන් 400කට කරපු දේ මෙන්න..සිදුවෙන්න ගිය මහා විපත(විදෙස්)
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර රෝහලකින් කොවිඩ් ආසාදිතයන් විශාල පිරිසකට ඔවුන් ආසාදිතයන් නොවන බවට දැක්වෙන වාර්තා ලබාදීමේ පුවතක් වාර්තා වනවා.
කොවිඩ් පරීක්ෂණ සාම්පල ලබාදුන් 400 දෙනෙකුට අදාළ රෝහල විසින් දන්වා ඇත්තේ ඔවුන් ආසාදිතයන් නොවන බවටයි.
මෙය අත්වැරදීමකින් සිදුවූවක් බවට අදාළ රෝහල පසුව ප්‍රකාශකර ඇති අතර ඔවුන් ඒ සම්බන්ධයෙන් දැනුවත් වූ වහාම අදාළ ආසාදිතයන්ගෙන් සමාව ඉල්ලා තිබෙනවා.
පසුව නිවේදනයක් නිකුත් කරමින් රෝහල් බලධාරීන් ප්‍රකාශකර ඇත්තේ ආසාදිතයන් නොවන බවට දැනුම් දුන් 400 දෙනාම කොවිඩ් ආසාදිතයන් බවටයි.
මෙය තාක්ෂණික දෝශයක් නොවන අතර සේවකයන්ගේ අත්වැරදීමක් හේතුවෙන් එය සිදුව ඇති බවටයි හෙළිවී ඇත්තේ.
මේ අනුව අදාළ ආසාදිතයන්ට මෙන්ම ඔවුන්ගේ ආශ්‍රිතයන්ට ද නිරෝධායනය වන ලෙසට සිඩ්නි නුවර අදාළ රෝහල මගින් දැනුම්දී තිබෙනවා.
මේ අතර ඕස්ට්‍රේලියාවේ වඩාත් ජනාකීර්ණ ප්‍රාන්තය වන නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ දෛනික කොරෝනා ආසාදිත සංඛ්‍යාව නව වාර්තාවක් ලෙසින් 6,394 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ, ඊට පෙර දිනයේ ආසාදිතයන් 6,288 ක් වාර්තාවීමෙන් අනතුරුවයි.
පසුගිය සති දෙක තුළ මෙලෙස ආසාදිත සංඛ්‍යාව ඉහළ ගියද රෝගීන් රෝහල් ගතකිරීම අඩු මට්ටමක පැවති බව සඳහන්.
ඕස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රාන්තවල මෙලෙස කොරෝනා ආසාදනය ඉහළ යෑමට හේතුවී ඇත්තේ ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදයයි.
මේ අතර ප්‍රංශයේ දෛනික කොරෝනා ආසාදිත සංඛ්‍යාව ඊයේ ප්‍රථම වරට ලක්ෂය ඉක්මවමින් එක්ලක්ෂ 4,611 ක් ලෙස සටහන් වුණා.
ඔමික්‍රොන් ප්‍රභේදය හේතුවෙන් ඉතාලියේද කොරෝනා ආසාදනය ඉහළ ගොස් ඇති අතර, ගතවූ පැය විසි හතර තුළ එරටින් වාර්තාවූ නව ආසාදිතයන් සංඛ්‍යාව 54,762ක්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |