දිවයින පුරා තවත් රෝහල් රැසක ධාරිතාව ඉක්මවයි

covid deaths Covid patients hospital capacity
By Sewvandhi Aug 07, 2021 08:28 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඉහළ කොවිඩ් ව්‍යාප්තියත් සමඟ මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් රැසක ද ධාරිතාව ඉක්මවා ගොස් ඇතැයි වාර්තා වේ. මේ හේතුවෙන් ආසාදිතයින් ඇතුළත් කරගැනීම අත්හිටුවීමට සිදුව ඇතැයි පෞද්ගලික රෝහල් කිහිපයකම ප්‍රකාශකයින් සඳහන් කළේය. 

එමෙන්ම ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය ඉදිරියේ දී තවදුරටත් ඉහළ යා හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. මේ වන විට වාර්තා වන ආසාදිතයින්ගෙන් සියයට 20 ත් 30ත් අතර ප්‍රමාණයක් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතවූවන් බවයි අද පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍ය වේදීන් යොමු කළ පැනයකට පිලිතුරු ලබාදෙමින් ඔහු පැවසුවේ. 

"ඇඳන් 32,767ක් භාවිතයට ගැණෙනවා. දැඩි සත්කාර ඒකක ඇඳන් 81ක් ද මේ මොහොතේ භාවිතයට ගැනෙනවා. ඊයේට වාර්තා වු පරිදි පෙර දින පැය 24 තුළ පීසීආර් පරීක්ෂණ 20, 052ක් කරපු බවට අපට වාර්තා වෙනවා."

ප්‍රශ්නය - ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සඳහන් කර තිබෙනවා ඩෙල්ටා ප්‍රභේදය වැලඳුණු 117ක් කියලා. මේ සත්‍ය තොරතුරු ද සෞඛ්‍ය වාර්තා සමඟ සැසදෙනවා ද?

"අපි දළ වශයෙන් දන්නවා විශේෂයෙන් ම කොළඹ නගරය තුළ හා තදාසන්න ප්‍රදේශවල අවම වශයෙන් සියයට 20 - 30ක් අතර ප්‍රමාණයක් ඩෙල්ටා ප්‍රභේදය තියෙනවා කියන සොයාගැනීම මේ අවස්ථාව වෙනවිට වාර්තා කරලා තියෙනවා. ඊට වැඩියෙන් ඉදිරියේ දී වැඩිවෙන්න පුළුවන්. 117 කියන එක ඉදිරියේ දී වැඩක්ම නැති තොරතුරක්. මීට වඩා විශාල සංඛ්‍යාවක් ඉන්නවා කියන එක පැකිලීමකින් තොරව කියනවා."

ප්‍රශ්නය - ඔක්සිජන් ටොන් 44ක් තියෙනවා. එතකොට මේක ලබාදීමේ වැඩපිළිවෙලක් කුමක් ද?

"අපි කළ යුත්තේ ඔක්සිජන්වලට තියෙන අවශ්‍යතාව තවදුරටත් ඉහළ යෑම නතර කරමින් රෝගීන් අඩුකර ගැනීමට කළ හැකි සියලුදේ කළ යුතුයි." 

ප්‍රශ්නය - කළුතර ආදාහනාගාරයක පැය 24 ම ක්‍රියාත්මක කරනවා. මෘත දේහ ධාරිතාව ඉක්මවා ගිහින් බැරෑරුම් තත්ත්වකට පත්ව තිබෙනවා.

"අපි සුමානයකට පෙර සිටම මේක කිව්වා. මං හිතන්නේ නෑ මේක දැන් බැරෑරුම් තත්ත්වයකට ආවා කියලා." 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now