පෙරහැරක් නිසා මාර්ග කිහිපයක් වැසේ

By Gagana News Mar 01, 2025 12:56 PM GMT
Report

හොරණ පොලිස් වසමේ හොරණ රජමහා විහාරස්ථානය මඟින් සංවිධානය කරනු ලබන රයිගම්පුර නවම් මහ පෙරහර අද (01) රාත්‍රි 7.00ට වීථී සංචාරය කිරීමට නියමිතව තිබේ.

 මේ හේතුවෙන් පෙරහැර ගමන් ගන්නා කාල සීමාව තුළ රත්නපුර පානදුර A-08 මාර්ගයේ විද්‍යාරත්න හන්දිය සිට පොලිසියට හැරෙන හන්දිය දක්වා මාර්ග කොටසේ රථවාහන ගමනාගමනය සීමා කරන බව පොලිසිය නිවේදනය කරයි.

එමෙන්ම හොරණ අඟුරුවාතොට මාර්ගයේ බෝගහ අසල සිට වතුරමල හන්දිය දක්වා මාර්ග කොටසද, හොරණ මොරගහහේන මාර්ගයේ විද්‍යාරත්න හන්දිය සිට අරමනාගොල්ල කාර්මික ජනපදය දක්වා මාර්ග කොටසද රථවාහන ගමනාගමනය සීමා කරන බව එහි සඳහන් වේ.

පෙරහැර පැවැත්වෙන කාලසීමාව තුළ මේ හේතුවෙන් ඇති විය හැකි රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා හැකිතාක් පහත සඳහන් විකල්ප මාර්ග භාවිත කරන මෙන් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. 

​ඉන්ධන හිඟයක් නෑ... සැපයුම්කරුවන්ට නව සූත්‍රයක්

​ඉන්ධන හිඟයක් නෑ... සැපයුම්කරුවන්ට නව සූත්‍රයක්

පොලිසිය දේශබන්දු සොයා ගෙවල් පීරයි

පොලිසිය දේශබන්දු සොයා ගෙවල් පීරයි