අලුත් කපල් එකට හනිමූන් යන්න යාලුවෝ දීපූ අමුතුම තෑග්ග සමාජ මාධ්‍ය කළඹයි..(PHOTO)

Sri Lanka Gossip Today
By Aruna Jun 20, 2022 07:27 AM GMT
Aruna

Aruna

Report

පවතින ඉන්ධන අර්බුදය හැම ක්ෂේත්‍රයකම වැඩ කටයුතු අඩාල කරන්න බලපානවා වගේම පෞද්ගලික ජීවිතයේ යම් යම් විශේෂ අවස්ථා අඩාල වෙන්න ඉන්ධන අර්බුදය හේතුවක් වෙලා ඉවරයි.

මේ නිසා පෞද්ගලික ජීවිතයේ යම් යම් විශේෂ අවස්ථාවන්වලදී දෙන තෑගි බෝගත් ඉන්ධන හා සම්බන්ධ කරලයි මේ දිනවල දෙන්න වෙලා තියෙන්නේ.

එවැනි අපූරු පුවතක් අපිට යාපනය ප්‍රදේශයෙන් වාර්තා වුණා.

යාපනය ප්‍රදේශයේ විවාහ වූ නව යුවලකට මධුසමයට පිටත්ව යාම සඳහා බව පවසමින් ඔවුන්ගේ මිතුරු මිතුරියන් විසින් තෑග්ගක් ලෙස ඉන්ධන අඩංගු කෑන් පිරිනමන ඡායාරූපයක් සමාජ මාධ්‍යවල සැරිසරනවා.

මෙවැනි අවස්ථා කීපයකම ඡායාරූප සමාජ මාධ්‍යවල සැරිසැරුවා.

කිරිපිටි, ගෑස් සිලින්ඩර් පවා මංගල තෑගි ලෙස යහළු යෙහෙළියන් ලබාදෙන ප්‍රවණතාවක් අපි මීට පෙරත් දැකලා තියෙනවා.

බැලූ බැල්මට හාස්‍යයට කරුණක් වුවත් මේ දිනවල ලබාගැනීම ඉතා දුෂ්කර මෙවැනි දෑ විවාහ උත්සවයේ දී තිළිණ ලෙස ලබාදීම හොඳ ප්‍රවණතාවක් ලෙස අගය කරන්න පුළුවන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery