රෝහල් ධාරිතාව ඉක්මවා යාම නිසා.. නිවෙස් තුළ ප්‍රතිකාර අදින් ඇරඹේ
සංකූලතා නොමැති කොවිඩ් ආසාදිතයින් නිවෙස්වල රඳවා ගනිමින් ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය අද (09) සිට ආරම්භ කෙරේ. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ මෙතෙක් නියමු ව්‍යාපෘතියක් ලෙස බස්නාහිර පළාතේ පමණක් ක්‍රියාත්මක වූ එම ක්‍රමවේදය අද සිට දිවයින පුරා ක්‍රියාත්මක වන බවය.
වයස අවුරුදු 02 සිට වයස අවුරුදු 65 දක්වා රෝග ලක්ෂණ පෙන්නුම් කරන හෝ සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයින් වෛද්‍ය අධීක්ෂණය යටතේ නිවෙස්වල සිට ප්‍රතිකාර කිරිමට නියමිතය.
දෛනිකව වාර්තාවන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළයාමත් සමග රෝහල් ධාරිතාව ඉක්මවායාම හේතුවෙන් එම තීරණයට එළඹ තිබේ.
පීසීආර් හෝ ඇන්ටිජන් පරීක්ෂාවකින් පසු කොවිඩ් ආසාදිත බවට තහවුරු වන රෝගීන් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව නිවසේ සිට ප්‍රතිකාර කළ යුතු බවට නිර්දේශ කළ යුතුය.
අනතුරුව අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ආසාදිතයා නිවසේ සිට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කෙරෙන අතර දුරකථන මාර්ග ඔස්සේ සිදුකරන ලියාපදිංචි කිරීමෙන් අනතුරුව වෛද්‍ය අධීක්ෂණය යටතට රෝගීයා ලක්කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
පැය 24 පුරා ක්‍රියාත්මක 1390 දුරක‍්ථන අංකය හරහා අදාළ කටයුතු සම්බන්ධීකරණය කරනු ඇත.
රෝග ලක්ෂණ නොමැති සහ සුළු රෝග ලක්‍ෂණ සහිත කොවිඩ් ආසාදිතයින් නිවෙස් නිරෝධායනය සහ කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය උපදේශන මාලාවක් නිකුත් කර තිබෙනවා. එම උපදෙස් මාලාව අනුව:
01.නිවෙස් නිරෝධායනයට යොමු කෙරෙන ආසාදිතයින් පරීක්ෂා කිරීමින් සහයවීම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) වෙත පැවරේ.
02.නිවෙස් නිරෝධායනය සඳහා යොමු කිරීමේදී පහත කරුණු ද සලකා බැලේ
ආසාදිතයා වයස අවුරුදු 02 ත් 65 ත් අතර විය යුතු ය.
ඔහු හෝ ඇය සනීපාරක්ෂක පහසුකම් සහිත හොඳින් වාතාශ්‍රය ඇති වෙනම කාමරයක නිරෝධායනය විය යුතු ය.
ආසාදිතයාට රෝගී තරබාරුව, දියවැඩියාව, අධිරුධිර පීඩනය, නිදන්ගත (හෘද / පෙනහළු / වකුගඩු) වැනි රෝගී තත්ත්වයන් නොතිබිය යුතු ය.
නිවස තුළදී ප්‍රමාණවත් ස්වයං රැකවරණයක් හෝ රැකබලා ගැනීම සඳහා සහයක් යුතු ය.
නිරෝධායනයට යොමු වන ස්ථානයේ නිසි සන්නිවේදන පහසුකම් සහ සන්නිවේදන හැකියාව තිබිය යුතු ය.
03 . ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH ) විසින් නිවෙස් නිරෝධායනය සඳහා සුදුසුකම් ලත් පුද්ගලයින් ‘නිවෙස් නිරෝධායනය කිරීමේ සහ කළමනාකරණ පද්ධතිය’ (PHIM) තුළ ලියාපදිංචි කරනු ඇති. එම පද්ධතිය හරහා රෝගියාගේ වගකීම ඇමතුම් මධ්‍යස්ථානයට සහ වෛද්‍ය සේවා කණ්ඩායමට පැවරේ.
04.වෛද්‍ය සේවා කණ්ඩායම් වෛද්‍ය උපදේශකයින් විසින් අධීක්ෂණය කරනු ඇත.
05.ඇමතුම් මධ්‍යස්ථානය රෝගියා නිවෙස් නිරෝධායනය සහ කළමනාකරණය පැවරී ඇති අදාළ වෛද්‍ය කණ්ඩායම සමග සම්බන්ධීකරණය කරනු ඇත. කණ්ඩායමේ නියම කරන ලද වෛද්‍යවරයෙකු විසින් රෝගියා පිළිබඳ මූලික තක්සේරුවක් සහ දෛනික අධීක්‍ෂණයක් සිදු කරයි.
06.ඒ අනුව රෝගී තත්ත්වය පිළිබඳ තොරතුරු PHIM පද්ධතිය තුළ සටහන් කෙරේ
07.වෛද්‍ය සේවා කණ්ඩායම අඛණ්ඩව රෝගීන්ගේ රෝග ලක්ෂණ අධීක්ෂණය කරනු ඇත.
08.රෝහල්ගත කිරීමට අවශ්‍ය රෝගීන් හඳුනාගෙන රෝගියා රෝහලට ගෙන යාමට පහසුකම් සලසන විශේෂඥ වෛද්‍ය නිලධාරියෙකුට භාර දෙයි.
නිවෙස් තුළ නිරෝධායනය සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික වෛද්‍යවරුන් සහ විශ්‍රාමික වෛද්‍යවරුන් මෙන්ම හෙද කාර්ය මණ්ඩලවල මණ්ඩලවල සහය ලබා ගැනීමට අපේක්ෂිත අතර විශේෂයෙන් ගැබිණි වෛද්‍යවරුන් 200 ක් නිවෙස් නිරෝධායන අධීක්ෂණය සඳහා යෙදවීමට ද සැලසුම් කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |