ඔබත් මෙහෙම අය නිවසට ගෙන්වා ගන්නවනම් පරිස්සම් වන්න.. හීනෙකින් වත් නොහිතපු දෙයක් කර නිවසින් පැනයයි.

Sri Lanka Police Colombo Sri Lanka Police Investigation Crime
By Sithumi Jan 13, 2024 09:55 AM GMT
Sithumi

Sithumi

Report

 හෝමාගම මාගම්මන ප්‍රදේශයේ ව්‍යාපාරික නිවසක මෙහෙකාර සේවයට පැමිණ රුපියල් ලක්ෂ 40 කට ආසන්න රන්බාන්ඩ සොරාගත් කාන්තාවක් මත්තේගොඩ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරිය එලෙස සොරාගෙන තිබූ රන්බාන්ඩ වලින් කොටසක් හා රන්බාන්ඩ උගොස් තැබූ බව කියන රිසිට්පත් තොගයක් සහ ජංගම දුරකථන දෙකක් පොලිසිය මගින් සොයාගෙන ඇති අතර ව්‍යාපාරික නිවසේ මෙහෙකාර සේවය සඳහා මීට මාසයකට පමණ ඉහතදී සැකකාරිය පැමිණ තිබූ අතර මාසයක් රැකියාව කිරීමෙන් අනතුරුව ඇය එයින් ඉවත්ව තිබූ බව පොලිසිය පවසනවා

ව්‍යාපාරික කාන්තාවට අත්‍යවශ්‍ය ගමනක් යාම සඳහා රන් භාණ්ඩ දමා තිබූ අල්මාරිය විවෘත කර බැලීමේදී එය නොමැති බව දැක පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාරිය කොස්ගොඩ ඉඳුරුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.

සැකකාරියගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී සොරා ගත් රන් භාණ්ඩ තොගය සැකකාරියගේ නිවසේ සඟවා තිබියදී පොලිසිය මගින් සොයාගෙන ඇති අතර ඇය 56 හය හැවිරිදි කාන්තාවක්.

Sponsored By Sarrita Jewellery

ඔබත් මෙහෙම අය නිවසට ගෙන්වා ගන්නවනම් පරිස්සම් වන්න.. හීනෙකින් වත් නොහිතපු දෙයක් කර නිවසින් පැනයයි. | Homagama Magamman Robbery


ReeCha