හිෂාලිනී ජූඩ් දැරියගේ මරණය පිළිබඳ නඩු විභාගයේ පස්වන සැකකරු නම් කෙරේ

By Sewvandhi Aug 23, 2021 10:35 AM GMT
Sewvandhi

Sewvandhi

Report

හිෂාලිනී ජූඩ් දැරිය පිළිස්සී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු විභාගයේ පස්වන සැකකරු ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින්, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නම් කර තිබෙනවා.

එමෙන්ම, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳ ඇතුළු සිව්දෙනා ලබන සැප්තැම්බර් 06 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කළේ.

හිෂාලිනී ජූඩ් දැරිය පිලිස්සී මියගියේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදීයි.

ඉෂාලිනි දැරියගේ මෘත දේහය නිරෝධායන උපදෙස්වලට අනුකුලව විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක අධීක්ෂණය යටතේ ගොඩගෙන දෙවන පශ්චාත් මරණ පරික්ෂණය සඳහා එය පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත රැගෙනයන ලෙස නුවරඑළිය මහෙස්‌ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය.

එම දැරිය හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී ඇතිවූ පිළිස්සුම් තුවාල හේතුවෙන් කොළඹ ජාතික රෝහලේදී පසුගියදා මිය ගොස් තිබුණි. නුවරඑළිය මහෙස්ත්‍රාත් ලුෂාකා කුමාරි ධර්මකිර්ති මහත්මිය  පොලිසියට නියෝග කළේ එම සිරුර ගොඩගෙන අධිකරණය දුන් උපදෙස් අනුව කටයුතු කරන ලෙසය.

ආර්ථික අපහසුතාව මධ්‍යයේ සිටි තම පවුල බේරාගැනීම සඳහා සිය දියණිය මෙහෙකාර සේවයට යෑමට ඉදිරිපත් වු බව හිටපු අමාත්‍ය හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කරමින් සිටිය දී පිළිස්සි මියගිය දැරියගේ මව පවසන්නීය. ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ, කොරෝනා වසංගත තත්ත්වය හමුවේ සිය ආර්ථිකය කඩා වැටීමෙන් ආහාර පවා හිඟ වු බවය.

ළමුන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවන ළමයා වන 16 හැවිරිදි ජේ. ඉෂාලිනි පසුගියා දා පිළිස්සී තුවාල ලබා සිටිය දී ජීවිතක්ෂයට පත්විය. තම දියණියගේ මරණය සම්බන්ධයෙන් හඬා වැළෙපෙමින් මව පවසා සිටියේ, තම දියණියට සියදිවි නසා ගැනීමට තැත් කිරීමකට කිසිදු හේතුවක් නොමැති බවය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඉෂාලිනි ගේ මව,

"මම ණය වුණා ගොඩක්. කොරෝනා කාලේ මහත්තයටත් පුතාටත් වැඩ නැති වුණා. ළමයි ඔක්කෝම පොඩියි. අපි කන්න බොන්නවත් නැතුව ගොඩක් දුක් වුණා. එක ගෙදරකට මම ගොඩක් ණය වුණා. ඒ ණය ගෙවන්න දුව එක්කන් ගිය කෙනාගේ රත්තරන් බඩුවක් තියලා මම රු 30,000ක් අරන් තිබුණා. ඒ මුදල් තව කෙනෙක් ගෙන් ගත්ත නිසා ඒ අය කරදර කරන බව කිව්වට පස්සේ තමයි මම කිව්වේ මට වැඩක් කතා කරලා දෙන්න කොහේ හරි ගෙදරක ගිහිල්ලා මාසෙකින් පඩි අරන් රත්තරන් බඩුව අරන් දෙන්නම් කියලා. මට කතා කරාට පස්සේ අවුරුදු 13 ළමයෙකුත් ඉන්නවා අවුරුදු 2 ළමයෙකුත් ඉන්නවා ඔක්කෝම ඉන්නේ ගෑණු ළමයි කියලා. අම්මා ගියොත් ළමයින්ට පව් නේ දුවලා දෙන්නගෙන් කවුරු හරි යවන්න කියලා. ඒ වෙලාවේ ලොකු දුව පුංචිලාගේ ගෙදර හිටියේ. දුවව යවන්න මම කැමති වුණේ නෑ. එයා කැමැත්තෙන් අම්මා ණය ගෙවා ගන්න බැරි වුණොත් අපේ මිදුලට ඇවිල්ලා මිනිස්සු කෑ ගහනවා නේ ඒ නිසා මම යන්නම් වැඩට, මම ගිහින් මේ ණය ටික බේරන්නනම් අයියට විතරක් අමාරුයි කියලා තමයි ගියේ."

ඉෂාලිනි ගේ මිය යාම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් පත්කර තිබේ. ඒ අතරට කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය හා කොළඹ දකුණ ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් අයත්ය.  

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha