හැමෝම සංවේදී කරමින් 19 හැවිරිදි ගැබිනි තරඟකාරියට හිරු ස්ටාර් වේදිකාවේදී ශිහාන් මිහිරංග කියූ කතාව (PHOTOS)
හිරු රුපවාහිනී නාලිකාව හරහා සජීවීව විකාශනය වන හිරු ස්ටාර් වැඩසටහන කියලා කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ඉතාම ආසාවෙන් නරඹන ජනප්‍රිය වැඩසටහනක් කිවුවොත් හරියටම හරි. ඉතින් ඒ වගේම නිරන්තරයෙන්ම හිරු ස්ටාර් වේදිකාවේ දක්ෂයින් ගැන මෙන්ම යම් යම් සංවේදී සිද්දි ගැනත් අපට අහන්නට දකින්නට ලැබෙනවා.
ඉතින් එවැනි සංවේදී සිදුවීමක් පහුගිය 11 වෙනිදා අපිට දැකගන්න ලැබුණා. ඉතින් ඒ තමයි ස්වේතා මිහිරන්ගි කියන අවුරුදු 19ක් වන ගැබිණි තරුණියක් මෙම හිරු ස්ටාර් වේදිකාවේ ගීත ගායනා කරනවා අපිට දැකගන්න ලැබුණා.
ඉතින් ඇය එම අවස්ථාවේදී සඳේ කැලුම් සිනාසී කියන කළා. ඉතින් ඉන් අනතුරුව ඇය මෙම තරඟාවලියෙන් පරාජය වෙලා ඇයට ඉවත් වීමට සිදු වෙනවා. කොහොම නමුත් එම අවස්ථාවේදී ඇය සිටින තත්වය නිසා විනිශ්චය මණ්ඩලයේ සිටින අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන ශිහාන් මිහිරංග මෙන්න මේ වගේ සංවේදී කතාවක් තමයි ඇයගේ හිත හදමින් පවසලා තිබුනේ
. පුතේ ගීතයේ තිබුණු යම් යම් අස්ථාවර වීම් නිසා තමයි මේ වොට් එක මම දෙන්නේ. පුතේ ඔයා දැන් මේ ඉන්න තත්වය ගැන හිතන්න. එක ජීවිතයක් නෙමෙයි. ජීවිත දෙකක් තියනවා. ඉතින් ඔයා ඒ වගේ අවදානමක් අරගෙන මේ වගේ වෙලාවක මේ තරඟයට සම්බන්ධ වීම අපිට ගොඩක් ආඩම්බරයි.
අපි වෙනුවෙන් ඔය ඉදිරිපත්වීම මන් ඒ විදිහට තමයි සලකන්නේ. තව සති කිහිපයයි ඔයාට තියෙන්නේ. ඉතින් ඒ කාලේ කල්පනාකාරීව ගත කරන්න. මොකද රටේ තියන තත්වයත් එක්ක අපි හුස්ම ගන්නත් බය වෙන්න ඕනේ. ඔය ඉන්න වාතාවරණයත් එක්ක ඒක ගොඩක් අවදානම්. මොකද ඔයා අම්මා කෙනෙක් වෙන්නයි ඉන්නේ.
ඒ නිසා පරිස්සමෙන් ඉන්න. ඔයා විතරක් නෙමෙයි. ඔයාගේ පවුලේ හැමෝම ඒ සති කිහිපය ඇතුලත පරිස්සමෙන් ආරක්ෂාකාරීව ඉන්න. හීනෙට එහා ගිහිල්ලා අනිත් ජීවිතය ගැන හිතන්න පුතේ. ඔයාට දෙවියන්ගේ පිහිටයි කියලයි ශිහාන් මිහිරංග මෙම තරඟාවලියට සමු දුන්න ස්වේතා මිහිරන්ගිගේ හිත නොරිදෙන ආකාරයට ඒ විදිහට හැමෝම සංවේදී කරමින් පවසලා තිබුනේ.

