අද එන්නත් මධ්‍යස්ථානයක සිදු වූ විශාල කාලගෝට්ටිය (වීඩියෝ සහිතයි)(VIDEO)

Hikkaduwa MOH vaccination center Doranduuwa Rohana girls school
By Sewvandhi Aug 28, 2021 09:36 AM GMT
Sewvandhi

Sewvandhi

Report

හික්කඩුව, දොඩන්දූව, රෝහණ බාලිකා විද්‍යාලයේ ස්ථාපිත කර තිබූ එන්නත්කරණ ම‍ධ්‍යස්ථානයක උණුසුම් තත්ත්වයක් ඇති විය. ඒ, එම ස්ථානයට පැමිණ සිටි කාර්ය මණ්ඩලය එන්නත්කරණ කටයුතු හදිසියේ නවතා දැමිම හේතුවෙනි.

එලෙස එන්නත්කරණ කටයුතු හදිසියේ නවතා දැමිම හේතුවෙන් ජනතාව දැඩි අසීරුතාවට පත්වූ බව  වාර්තාකරු පැවසීය.

උදෑසන එන්නත්කරණය ආරම්භකර අදාළ පත්‍රිකාවල සටහන් තැබිමෙන් අනතුරුව එම ස්ථානයට පැමිණි සිටි සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එම ස්ථානයෙන් පිටව ගිය බවට ජනතාව චෝදනා කරති.

එහි සිටි තරුණයෙක් ආවේගශීලීව පැවසුවේ එන්නත් කාඩ්වල එන්නත්කළ බවට සටහන් තබා එන්නත් ලබානොදීම ගැන බලධාරීන් සොයා බැලිය යුතු බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now