ගම්බිම් බලා යන්න නීතිපති දෙපාර්තමේන්තුවේ නිල රථයක් පැහැරගත් ස්ථානාධිපතිවරයකු ඇතුළු දෙදෙනෙකුට වැඩ වැරදි..

Report

නීතිපති දෙපාර්තමේන්තුවේ වාහන රැඳවුම් අංගනයේ නවතා තිබූ නිල රථයක් පැහැරගෙන ගිය එම දෙපාර්තමේන්තුවේ පෞද්ගලික ආරක්ෂක අංශයේ ස්ථානාධිපතිවරයා සහ ආරක්ෂක කළමනාකාරවරයා ලබන 02 වැනිද‍ා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රත් තිළිණ ගමගේ මහතා අද (24) නියෝග කළා.

දේශපාලන ඉහළ පුටුවක වැඩක් නිසා කතරගම දහම් පාසල් වැසේ..

දේශපාලන ඉහළ පුටුවක වැඩක් නිසා කතරගම දහම් පාසල් වැසේ..

ලැබුණු රහසිගත තොරතුරකට අනුව වැටලීමක් සිදු කර කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා (22) පෙරවරුවේ නීතිපති දෙපාර්තමේන්තුව අසල දී එම වාහනය සමග සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් දෙදෙනා විසින් අදාළ වාහනය රහසිගත ව රැගෙන ගම්බිම් බලා ගොස් දින 03කට පසු නැවත පැමිණෙමින් සිටියදීයි මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ.

කොටුවට එන අතර මගදී කොච්ච්චියත් එක්ක එන්න බෑ කියල එන්ජිම කලින්ම කොටුවට එන්න හදලා..

කොටුවට එන අතර මගදී කොච්ච්චියත් එක්ක එන්න බෑ කියල එන්ජිම කලින්ම කොටුවට එන්න හදලා..

පොදු දේපොළ යටතේ ගැනෙන සාවද්‍ය පරිහරණය හා විශ්වාසය කඩ කිරීමේ චෝදනා යටතේ අදාළ සැකකරුවන් අද දිනයේ දී අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.