දේශපාලන ඉහළ පුටුවක වැඩක් නිසා කතරගම දහම් පාසල් වැසේ..

Report

කතරගම වැඩ සිටි කන්ද මාර්ගයට ආසන්නයේ නියෝජ්‍ය කතානායකවරයකු විසින් පසුගියදා විවෘත කළා යැයි පැවසෙන මත්පැන්හළ වසා දමන තෙක් ප්‍රදේශයේ විහාරස්ථානවල පවත්වාගෙන යනු ලබන දහම් පාසල් නොපැවැත්වීමට කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලය ඊයේ (23 වැනිදා) තිරණය කර තිබේ.

විනිසුරුවරුන්ට අසත්‍ය චෝදනා කල ජනමාධ්‍යවේදියෙකුට වැඩ වැරදි..

විනිසුරුවරුන්ට අසත්‍ය චෝදනා කල ජනමාධ්‍යවේදියෙකුට වැඩ වැරදි..

මෙම සුරාසල කතරගම දෙටගමුව ආසන්නය පවත්වාගෙන යන අතර එය වසා දමන ලෙස මහාසංඝරත්නය පසුගිය දා විරෝධතාවක නිරතවීමෙන් පසුව සුරාසල වසා දැමුවද ඊයේ සුරාසල නැවත විවෘත කර ඇත.

එබැවින් මෙයට විරෝධය පළකරමින් කතරගම ප්‍රදේශයේ විහාරස්ථානවල පවත්වා ගෙන යන දහම් පාසල් වසා දැමීමට තීරණය කළ බව ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරි කපුගම සරණතිස්ස නාහිමියෝ පැවැසුහ.

අල්ලස් නඩුවකට සාක්ෂි දීම සඳහා විජිත හේරත්ට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග ..

අල්ලස් නඩුවකට සාක්ෂි දීම සඳහා විජිත හේරත්ට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග ..

එමෙන්ම මෙහිදී අදහස් දක්වමින් රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති කොබවක ධම්මින්ද නාහිමියන් සදහන් කළේ කතරගම ගම වැනි පුදබිමකට සුරාසල් අවශ්‍ය නොවන බැවින් මේ හරහා කතරගම පුදබිමේ ගෞරවයට හානි වන බැවින් සුරාසල ඉවත් කළ යුතු බවය.

විශ්ව වෙනුවට නිශාන් පීරිස්ව සංචිතයට..

විශ්ව වෙනුවට නිශාන් පීරිස්ව සංචිතයට..

මෙම සම්බන්ධයෙන් අදහස් දැක්වූ වැඩ සිටිකන්ද රාජමහා විහාරාධිපති ශාස්ත්‍රපති ඌව පළාතේ සංඝනායක හිල්ලේ ඥානානන්ද හිමියන් සදහන් කළේ කතරගම දෙවියන් වැඩසිටින වැඩසිටි කන්ද පුදබිම ආසන්නයේ මෙම සුරාසල පිහිටි නිසා අනුමත කළ නොහැකි බැවින් එය ඉවත් කරන ලෙස නව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.