කොටුවට එන අතර මගදී කොච්ච්චියත් එක්ක එන්න බෑ කියල එන්ජිම කලින්ම කොටුවට එන්න හදලා..

By Piyumika Sep 24, 2024 07:39 AM GMT
Report

කැළණිවැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක එන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරිවලින් වෙන් වී ඉදිරියට ධාවනය වී තිබෙනවා.

ලෙබනන් වැසියන් වසර 20කට ආසන්න කාලයක ගැටුම්වල මාරාන්තිකම දිනයට මුහුණ දේ ..(VIDEO/PHOTO)

ලෙබනන් වැසියන් වසර 20කට ආසන්න කාලයක ගැටුම්වල මාරාන්තිකම දිනයට මුහුණ දේ ..(VIDEO/PHOTO)

කොස්ගමවග දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ කාර්යාල දුම්රියක් මගීන්ගෙන් පිරී තිබූ අවස්ථාවේ දී එක්වරම දුම්රිය එන්ජිම වෙන්ව යාමත් සමග ඇති වූ තත්ත්වය නිසා මගීන් දැඩි ලෙස කලබලයට පත් ඇත .මේ හේතුවෙන් දුම්රිය ධාවනය ප්‍රමාද වී තමන් දැඩි අපහසුතාවට පත් වූ බවටයි මගීන් චෝදනා කරන්නේ.

සිව්දරු පියෙකුට අත් වුනු අවාසනාවන්ත ඉරණම ..

සිව්දරු පියෙකුට අත් වුනු අවාසනාවන්ත ඉරණම ..

අනතුරුව දුම්රිය රියදුරු සහ එහි සහායක එක්ව යළිත් දුම්රිය එන්ජිම දුම්රිය මැදිරි දක්වා පසුපසට ධාවනය කර එකට සම්බන්ධ කිරීමෙන් පසු යළි කොළඹ කොටුව දක්වා ධාවනය කර තිබෙනවා.

කෘෂිකර්ම ඇමැතිත් අමාත්‍යංශයෙන් ඉවත් වේ..

කෘෂිකර්ම ඇමැතිත් අමාත්‍යංශයෙන් ඉවත් වේ..

මේ ආකාරයෙන් දුම්රිය එන්ජිම සහ දුම්රිය මැදිරි වෙන් වූ ප්‍රදේශය තැනිතලා ප්‍රදේශයක් බවත් මේ ආකාරයෙන්ම මෙම ස්ථානයේ දී මෙයට පෙර ද දුම්රිය එන්ජිම සහ දුම්රිය මැදිරි ගැල වී ගොස් තිබූ බව ද කැළණිවැලි දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු සිදු කරන මගීන් පවසයි.