අධිවේගී මාර්ගයේ අනතුරක් හේතුවෙන් වාහන තදබදයක්.
Police
Sri Lanka
Highway accident
By Aruna
පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරක් හේතුවෙන් කඩවත සිට මාතර දෙසට රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
අතුරුගිරිය සහ කොතලාවල අතර කිලෝමීටර් 08 කණුව ප්‍රදේශයේදී සුඛෝපභෝගී මෝටර් රථයක් සහ ලොරියක් ගැටී ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.
අනතුර හේතුවෙන් කඩවත සිට මාතර දෙසට රථවාහන ධාවනය මේ වනවිට එක් මංතීරුවකට සීමා වී තිබෙනවා.
කෙසේ වෙතත්, අනතුරට පත් වාහන කඩිනමින් මාර්ගයෙන් ඉවත් කර ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි එම අධිකාරිය පැවසුවේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |