අධිවේගී මාර්ගයේ වාහන 5ක් එකිනෙක ගැටෙයි..05ක් රෝහලේ..
Accident
Sri Lanka
Southern highway
By Aruna
දක්ෂිණ අධිවේග මාර්ගයේ ගැලනිගම 12.3 කණුව ආසන්නයේදී ගිලන් රථයක් ඇතුළු වාහන පහක් එකිනෙක ගැටී තිබෙනවා.
ඉන් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව ගැලනිගම අධිවේග රථවාහන පොලිසිය පවසනවා.
තුවාල ලැබුවන් අතර පොලිස් විශේෂ කාර්ය බළකා පොලිස් කොස්තාපල්වරයකු ද වෙයි.
මෙම අනතුරින් පොලිස් ගිලන් රථයට, කැබ් රථයකට, මෝටර් රථ දෙකකට හා ලොරි රථයකට අලාභානි සිදුවී තිබෙන බව වාර්තා වනවා.
අනතුරට පත්වූ පිරිස හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.
ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කියූ අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න. |