මධ්‍යම අධිවේගී මාර්ගය ගැන සතුටුදායක ආරංචියක්..

Sri Lanka Highways In Sri Lanka
By Aruna Feb 13, 2025 07:40 AM GMT
Aruna

Aruna

Report

නතර කර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදිරයේ ඉදිකිරීම් ඉදිරි මාස දෙක තුළ ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.

ඊට අදාළ ණය වාරිකය සඳහා චීන එක්සිම් බැංකුවේ අනුමැතිය අපේක්ෂාවෙන් සිටින බව,නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන නිල සංචාරය අතරතුර පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස එහි ඉදිකිරීම් යළි ආරම්භ කරන බවයි ඔහු වැඩිදුරටත් පවසුවේ.

එම මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන්නේ කඩවත සිට මීරිගම දක්වා කොටසයි.

You May Like This Video


ReeCha