නුවරඑළිය නගරයේ තට්ටු ගොඩනැගිලි තහනම් කරමින් ජනපති ගත් අලුත්ම තීරණය මෙන්න.
නුවරඑළිය නගරයේ මහල් හතරට වැඩි ඉදිකිරීම් මින් ඉදිරියට තහනම් කරමින් කැබිනට් පත්‍රිකාවක් සකස් කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ.
ජනාධිපතිවරයා එලෙස සඳහන් කර ඇත්තේ, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පෙරේදා (අප්‍රේල් 10) පැවති නුවරඑළිය නගර සංවර්ධන සැලැස්ම හා නුවරඑළිය සංචාරක සැලැස්ම එළිදැක්වීමේ අවස්ථාවට සහභාගි වෙමින්
උස ගොඩනැගිලි ඉදිකිරීමෙන් එම නගරය අවලස්සන වී ඇතැයි පෙන්වා දී ඇති ජනාධිපතිවරයා කඩිනමින් කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන ලෙසට ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙත දැනුම් දී තිබෙනවා.
ඒ, අනුව නුවරඑළිය නගරය තුළ විශාල ගොඩනැගිලි ඉදිකිරීම නිසා නගරය විනාශ වී ඇති බවත්, අවිධිමත් ලෙස ගොඩනැගිලි ඉදි කරනවා වෙනුවට නිසි සැලැස්මකට අනුව ගොඩනැගිලි ඉදි කරන ලෙසට උපදෙස් ලබා දී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |