අද අධිකරණයට ආ ඥානසාර හිමියන්ට මාස 09යක සිරදඬුවමක්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිර දඬුවම මහාධිකරණය ස්ථීර කරයි මාධ්‍ය සාකච්ඡාවකදී මුස්ලිම් සහ සිංහල ජනයා අතර අසමගියක් ඇතිවන අන්දමින් ප්‍රකාශයක් සිදු කිරීමේ සිද්ධියට අදාළව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදී තිබූ මාස 09ක සිර දඬුවම කොළඹ මහාධිකරණය විසින් ස්ථීර කර ඇති බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා අද (07) අධිකරණය හමුවේ දන්වා සිටියේය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් පැනවූ මාස 09ක සිර දඬුවම බලරහිත කරන ලෙස ඉල්ලමින් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබූ අභියාචනය පරීක්ෂා කළ මහාධිකරණය, එම අභියාචනා පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට තීරණය කර තිබේ.
මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා දී ඇති නියෝගය හා දඬුවම සාධාරණ බවත්, ඒ සඳහා මහාධිකරණය මැදිහත්වීමේ අවශ්‍යතාවක් නොමැති බවත් අදාළ මහාධිකරණ තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර ඇති බව අතිරේක මහේස්ත්‍රාත්වරයා අද දින එම තීන්දුව කියවාදෙමින් ප්‍රකාශ කළේය.