හිටපු පොලිස්පති දේශබන්දුට එරෙහිව අධි චෝදනා භාරදෙයි

Report

2023 දෙසැම්බර් 31 වනදා වැලිගම, පැලෑන ප්‍රදේශයේ පිහිටි හෝටලයක සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු සැකකරුවන් අටදෙනෙකුට එරෙහිව මාතර මහාධිකරණයේදී අද (07) අධි චෝදනා භාරදෙන ලදී.

මාතර ප්‍රධාන මහාධිකරණ විනිසුරු නන්දන අමරසේන මහතා හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී හිටපු පොලිස්පතිවරයා ඇතුළු සැකකරුවන් 08 දෙනාම අධිකරණය හමුවේ පෙනී සිටියහ.

ශිරන්ති රාජපක්ෂ අල්ලස් කොමිසමට -ඇහේ පැලැස්තරයක් සමඟ අත්අඩංගුවට ගත දර්ශන මෙන්න

ශිරන්ති රාජපක්ෂ අල්ලස් කොමිසමට -ඇහේ පැලැස්තරයක් සමඟ අත්අඩංගුවට ගත දර්ශන මෙන්න

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් මෙහෙයවනු ලබන මෙම නඩුවේදී, සැකකරුවන් සඳහා දැඩි ඇප කොන්දේසි පැනවීමට විනිසුරුවරයා නියෝග කළේය.

ඒ අනුව, සෑම සැකකරුවෙකුටම රුපියල් 250,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 04ක් නියම කෙරුණි. එම ශරීර ඇපකරුවන් හතරදෙනාගෙන් දෙදෙනෙකුම ආසන්නතම ඥාතීන් විය යුතු බවට ද කොන්දේසි පනවා ඇත. මෙම නඩුව නැවත විභාග කිරීම සඳහා ලබන නොවැම්බර් 27 වන දින දක්වා කල් තබන ලදී.

කොළඹ සිට මේ රට දක්වා ගමන් කෙරූ ගුවන් ගමන් සේවයේ වාර ගණන වැඩි කරයි

කොළඹ සිට මේ රට දක්වා ගමන් කෙරූ ගුවන් ගමන් සේවයේ වාර ගණන වැඩි කරයි