සියල්ල කලඹමින් කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් - පැය 24ක් වලංගු වේ

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව පවසමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

අද (07) පෙරවරු 11.00ට නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට (08) අලුයම 1.00 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සූදානම් වන්න - ලංකාව යළිත් රත් වෙයි - උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

සූදානම් වන්න - ලංකාව යළිත් රත් වෙයි - උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වලට මෙන්ම අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවලට තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි හටගන්නා අවස්ථාවලදී අදාළ ප්‍රදේශවල තාවකාලිකව තද සුළං තත්ත්වයක් ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. අකුණු සහ තද සුළං මඟින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

කොළඹ සිට මේ රට දක්වා ගමන් කෙරූ ගුවන් ගමන් සේවයේ වාර ගණන වැඩි කරයි

කොළඹ සිට මේ රට දක්වා ගමන් කෙරූ ගුවන් ගමන් සේවයේ වාර ගණන වැඩි කරයි