කල්පිටියේදී නීතිවිරෝධී බීඩි කොළ කිලෝග්‍රෑම් 570කට අධික තොගයක් නාවික හමුදා භාරයට
By Mithu
නීති විරෝධී ලෙස රට තුළට ජාවාරම් කිරීමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 570කට අධික තොගයක් නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබේ.
වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා 'විජය' ආයතනය සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව කල්පිටිය, ඉලන්තඩිය වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී අදාළ බීඩි කොළ තොගය සොයාගෙන ඇත.
එහිදී වෙරළ තීරයේ අතහැර දමා තිබූ සැකකටයුතු උර 15ක් පරීක්‍ෂාවට ලක් කිරීමේදී මෙම බීඩි කොළ තොගය හමු වී තිබේ. අත්අඩංගුවට ගත් බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදීමට නියමිතය.