සංඝයා කැලඹෙයි - උපවාසයක නිරත වෙමින් දැඩි විරෝධ - සිදු වූ අසාධාරණය හෙලා දකී
හිටපු උඩදුම්බර ප්‍රධාන අධිකරණ සංඝනායක පෝප්පිටියේ සුමංගල හිමියන් උඩදුම්බර නගරයේ බුදු මැදුර අසල උපවාසයක නිරත වෙමින් සිය විරෝධතාවය පල කර සිටනවා.
ඒ, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට විරෝධය පාමිනුයි.
සිවරාසා අනෝජන්ට සිරකුටිය තුළ ප්‍රහාර - තියුණු පිහියක් හෝ ආයුධයක් භාවිතා වුණාද? ඇමති විජිත හෙළි කල සත්‍ය මෙන්න
මේ පිළිබඳව පූජ්‍ය නීතියගම චන්දිම හිමි පැවසුවේ,
'“රටක්, ජාතිකයක්, ආගමක් සහ සංස්කෘතියක් අපි හැමෝටම තියෙනවා. අපි අධිකරණ නියෝගයට විරුද්ධව අදහස් දක්වනවා නෙමෙයි. නමුත් අපේ රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිවුර ගලවලා, ප්‍රසිද්ධියේ රැගෙන ඒම කාගෙත් සිත් කම්පාවට පත්කරපු කාරණාවක්. එබදු පූර්වාදර්ශයක් රටක කිසිම කෙනෙකුට ඇති නොවීමට වගබලා ගැනීම තරුණ අප කාගෙත් වගකීමක්. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා උදෑසන 9 කොළඹ අධිකරණ පරිශ්‍රයට එන්න. ඒ වෙන කිසිවක් සඳහා නොවෙයි. එවැන්නක් යළි පූර්වාදර්ශයක් නොවන්න ඕනේ.”
