සියදිවි නසාගත් සබරගමුව විශ්වවිද්‍යාල සිසුවා - සරසවි සිසුන් 11ක් විශ්වවිද්‍යාලයෙන් නෙරපයි

Report

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ 23 හැවිරිදි චරිත් දිලීෂාන් නමැති සිසුවා සිය දිවි නසාගෙන මියයාමට නවක වද සිද්ධියක් බලපෑවේ යැයි කියන චෝදනාව අනුව එහි පාලක සභාව එම සරසවියේ සිසුන් 11 දෙනෙකු ඉන් නෙරපා හැරීමට තීරණය කර තිබේ.

මියගිය සිසුවාට සහ අනෙකුත් සිසුන්ට හිරිහැර කිරීම සහ ශාරීරික මානසික තර්ජන එල්ල කිරීමට අදාළ බරපතල විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් වූ නිල පරීක්ෂණ වාර්තාව ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ පාලක සභාව විසින් පසුගිය සතියේ දී නිකුත් කරනු ලැබේ.

ශිරන්ති රාජපක්ෂ අල්ලස් කොමිසමට -ඇහේ පැලැස්තරයක් සමඟ අත්අඩංගුවට ගත දර්ශන මෙන්න

ශිරන්ති රාජපක්ෂ අල්ලස් කොමිසමට -ඇහේ පැලැස්තරයක් සමඟ අත්අඩංගුවට ගත දර්ශන මෙන්න

අදාළ තීරණයට අනුව, සබරගමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකු ලෙස මෙම සිසුන්ගේ ලියාපදිංචිය ස්ථිරවම අහෝසි කරනු ලබන අතර, අභ්‍යන්තර ශිෂ්‍යයකුගේ කිසිදු අයිතිවාසිකමක් හෝ වරප්‍රසාදයක් තවදුරටත් හිමි නොවනු ඇත.

උපකුලපතිවරයාගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව විශ්වවිද්‍යාල භූමියට, පියසවලට, නේවාසිකාගාර පරිශ්‍රවලට හෝ විශ්වවිද්‍යාල මගින් පාලනය වන යම් දේපලකට ඇතුළුවීම හෝ රැඳී සිටීම ඒ අනුව මෙම සිසුන්ට සපුරාම තහනම් වේ.

සුළු මොහොතකට පෙර ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට - නිවසටම ගොස් FCID අල්ලයි

සුළු මොහොතකට පෙර ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට - නිවසටම ගොස් FCID අල්ලයි

2025 වසරේ අප්‍රේල් මාසයේ 29 වැනිදා චරිත් දිලීෂාන් නම් සිසුවා ඔහුගේ නිවස තුළදී සිය දිවි නසාගෙන සියදිවි නසා ගෙන තිබේ.

විශ්වවිද්‍යාලය තුළ ක්‍රියාත්මක වූ දැඩි නවකවදය සහ ශාරීරික මානසික හිංසන දරාගැනීමට නොහැකිව, ඔහු තම නිවසේ දී දිවි නසාගත් බව ඔහුගේ මවුපියන් සඳහන් කළ අතර, ඒ සම්බන්ධයෙන් පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විශේෂ පරීක්ෂණයක් ද සිදු කරනු ලැබේ.

නවක වද සිද්ධියට සම්බන්ධ බවට එම විශ්වවිද්‍යාලයේ සිසුන් 14 දෙනෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන පසුව නඩු පවරා ඇත.

හිඟ විශ්‍රාම වැටුපට විශේෂ වැඩපිළිවෙලක් - මාස 7ක විශ්‍රාම වැටුපට වෙන දේ මෙන්න

හිඟ විශ්‍රාම වැටුපට විශේෂ වැඩපිළිවෙලක් - මාස 7ක විශ්‍රාම වැටුපට වෙන දේ මෙන්න