හෙරොයින් සමඟ ඇල්ලූ SIගේ වැඩ තහනම්
රුපියල් කෝටි 50 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 52ක් සමඟ අත්අඩංගුවට ගැනුණු කළුතර දකුණ පොලීසියට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
දක්ෂිණ අධිවේගී මාර්ගයේදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 50 කට අධික වටිනාකමකින් යුත් මෙම හෙරොයින් තොගය ඩුබායි රාජ්‍යය වෙත පලාගොස් සිටින පානදුර සලිඳු නැමති පුද්ගලයෙකුගේ බවට අනාවරණ වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලීසියට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුලු තුන්දෙනෙකු ද අත්අඩංගුවට ගැනුණු අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ සති කිහිපයක සිට සිදුකළ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස මෙම මත්කුඩු අත්අඩංගුවට ගත් බවයි.
පොලිස් මූලස්ථානයේ අපරාධ නිවාරණ කොට්ඨාසයට ලද තොරතුරකට අනුව ඊයේ (18) අහංගම, ගාල්ල, හික්කඩුව සහ බද්දේගම ප්‍රදේශවල වැටලීමක් සිදුකර තිබෙනවා. එම වැටලීමේදී අදාළ උප පොලිස් පරික්ෂකවරයා අධිවේගී මාර්ගයේ බද්දේගම පිවිසුමේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙක් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ අතුරුගිරිය අධිවේගී මාර්ග පිවිසුමේදීයි.
වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරයා විසින් අදාළ හෙරොයින් තොගය මොවුන් දෙදෙනාට ලබාදීම සඳහා රැගෙන ගොස් ඇති බවයි. එම අවස්ථාවේදී මොහු පොලිස් නිල ඇඳුමින් සැරසී සිට තිබෙනවා. සැකකරුවන් සමඟ මෝටර් රථයක් සහ වෑන් රථයක්ද පොලිස් භාරයට ගැනුනු අතර, මොවුන් අධිකරණයට ඉදිරිපත් කර සතියක කාලයක් සඳහා රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
You may like this video
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |