හෙරොයින් සමඟ SI ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට (VIDEO)

heroin badhdhegama kaluthara si galle hikkaduva
By Sewvandhi Jun 19, 2021 01:32 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පොලිස් මුලස්ථානයේ අපරාධ නිවාරණ කොට්ඨාශය විසින් සිදුකරන ලද මෙහෙයුමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 52ක් සමඟ සැකකරුවන් තිදෙනෙක් ඊයේ (18) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අතර කළුතර දකුණු පොලිස් ස්ථානයට අනියුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකු ද සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ. මේ සමඟ මත්ද්‍රව්‍ය ජාවාරමට යොදාගත් වාහන 02ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

දකුණු පළාතේ ගාල්ල, හික්කඩුව සහ බද්දේගම යන ප්‍රදේශවල සිදුකළ මෙහෙයුමකදීයි අදාල සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. ලද තොරතුරකට අනුව සති තුනක පමණ කාලයක් සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම වැටලීම සිදුකර ඇති අතර අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරව දින 07ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now