පිලිපීනය හෙල්ලූ භූ කම්පනය - රටවල් රැසකට සුනාමි අනතුරු ඇඟවීම්
By Aylin Zoya
පිලිපීනයේ මින්දනාවෝ (Mindanao) දූපත් ආසන්න මුහුදු කලාපයේ රික්ටර් මාපක 7.8ක අතිශය ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ.
භූමිකම්පාවේ ප්‍රබලත්වය හේතුවෙන් පිලිපීනය, ඉන්දුනීසියාව සහ මැලේසියාව යන රටවල වෙරළබඩ ප්‍රදේශ කිහිපයක් සඳහා මේ වන විට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ කම්පනය හටගත් කේන්ද්‍රස්ථානයේ සිට කිලෝමීටර 300ක් ඇතුළත පිහිටි වෙරළ තීරයන් වෙත අනතුරුදායක සුනාමි රළ පැමිණීමේ අවදානමක් පවතින බවයි.
කෙසේ වෙතත්, සිදුවූ ජීවිත හෝ දේපළ හානි පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති අතර සහන සේවා අංශ දැඩි අවධානයකින් පසුවෙයි.